ගුවන් ප්‍රවාහන සේවා තාක්ෂණවේදය පිළිබඳ ගෝලීය ප්‍රමුඛයකු වන SITA සමාගම, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (CMB ගුවන් තොටුපොළ) උසස් තත්ත්වයේ ගුවන් තොටුපළ ඩිජිටල්කරණ සේවා සැපයීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමග හවුල් වී ඇත. SITA සමාගමේ ස්වයං – ගමන් මලු භාර දීමේ ඒකකය (single self-baggage drop unit) ක්‍රියාත්මක කිරීම තුළින් ගුවන් මගීන්ගේ භාවිත ධාරිතාව 20%කින් වැඩි කිරීමට අපේක්ෂා කරනු ලැබේ. මෙම පෙරළිකාර හඳුන්වා දීම තුළින් ජාත්‍යන්තර ගුවන් මගීන් සඳහා විධිමත් වූ සේවා සැපයෙන අතරම පහසුවට සහ කාර්යක්ෂමතාවයට ප්‍රමුඛත්වය දෙමින් යහපත් සංචාරක අත්දැකීම් වැඩිදියුණු කිරීමට කටයුතු සලසා ඇත. ගුවන් ප්‍රවාහන ක්ෂෙත්රයේ ප්‍රමුඛතම තාක්ෂණවේදී සමාගමක් ලෙස SITA ඔවුන්ගේ අති නවීන ජෛවමිතික සහ ඩිජිටල් සංචාරක විසඳුම් නිසා ගුවන් ගමන්වල ඩිජිටල් විප්ලවයේ පෙරමුණ ගෙන සිටී.
SITA වෙතින් ගුවන් ගමන් සඳහා පූර්ණ ඩිජිටල් සංචාරක විසඳුම්
1.2K
previous post