Home » අංක විද්‍යාවට අනුව ඔබේ ශරීර සෞඛ්‍යය ගැන හෙළිවන තොරතුරු

අංක විද්‍යාවට අනුව ඔබේ ශරීර සෞඛ්‍යය ගැන හෙළිවන තොරතුරු

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

by gayan
August 17, 2024 12:30 am 0 comment

පට මොනතරම් සැප සම්පත් තිබුණත් ඒවා භුක්ති විඳීමට නොහැකිනම් එය මොනතරම් අවාසනාවක්ද. මිල මුදල් කොතරම් තිබුණත් ශාරීරික සහ මානසික වශයෙන් යම් කෙනෙක් නිරෝගිභාවයෙන් තොරයි නම් ඔහුට හෝ ඇයට දුක්ඛදායක ජීවිතයක් ගෙවීමට සිදුවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

“ආරෝග්‍යා පරමා ලාභා” ලෙස නිරෝගිකම උතුම්ම ලාභය ලෙස බුද්ධ දේශනාව තුළ ද සඳහන් කර ඇත්තේ එය පුද්ගලයෙකුගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් දෙකම අසාර්ථක කරන්නට හේතු වන බැවිනි.

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ අංක විද්‍යා ජ්‍යෙතිෂයට අනුව ඔබගේ උපන් දිනය අනුව ඔබට වැළඳිය හැකි රෝගාබාධ සහ සෞඛ්‍ය තත්ත්වය හඳුනාගන්නා ආකාරය පිළිබඳවයි. මෙහිදී සලකා බලන්නේ ඔබ කුමන අවුරුද්දක කුමන මාසයක ඉපදුණත් ඔබගේ උපන් දිනය පමණි. එසේනම් පළමුකොටම ඕනෙම මාසයක 1, 10, 19, 28 කියන දිනවල උපන් අයගේ සෞඛ්‍ය තත්ත්වය සහ වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව මුලින්ම හඳුනා ගනිමු.

මේ තුළින් ඔබට ඔබට වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව කල් තියා හඳුනා ගැනීමට හැකියාව ලැබෙන අතර එමගින් එම අවදානම් තත්ත්වයන්ට කලින් සූදානම් වීමටත් එම රෝගාබාධයන්ගෙන් වැළකී සිටීමටත් නිරෝගී, ප්‍රීතිමත්, සතුටුදායක ජීවිතයක් ඔබට ගෙවීමටත් හැකියාව ලැබෙන බව සඳහන් කළ හැකිය.

මුලින්ම ජන්ම අංක එකෙන් උපන් පුද්ගලයින්ට වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳ හඳුනා ගනිමු. ඔබ ඕනෑම මාසයක 1, 10, 19, 28 යන දිනක උපත ලබා තිබේනම් ඔබේ ජන්මාංකය වන්නේ අංක 1යි.

ඔබ ඕනෑම මාසයක එක, දහය, දහනවය, විසි අට යන දිනක උපන් අයෙක් නම් ඔබ ඉතාමත් නිරෝගී ශක්තිසම්පන්න ශරීරයක් සහිතව උත්පත්තිය ලබයි.

පිරිමි අයෙක් නම් ඉතා කඩවසම් පුද්ගලයෙක් බවට පත්වෙයි. කාන්තාවක් වුණත් තරුණ වියට පත්වන විට මනා අභිමානවත් පෙනුමකින් යුක්ත තැනැත්තියක් වෙයි. ඔබ ජීවිතයේ වඩාත් අවදානමක් තබාගත යුතු සහ ප්‍රවේසම් විය යුතු රෝගාබාද කිහිපයක් සඳහන් කළ හැකිය. විටින්විට ඔබට උදරය ආශ්‍රිත අජීර්ණ තත්ත්ව සහ බඩ පිපුම බඩේ අමාරුව ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්ව පහසුවෙන්ම ඇතිවිය හැකි නිසා නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම තුළ ඒවා වළක්වා ගැනීමට උත්සාහ කළ යුතුය. එමෙන්ම ඇස් හා සම්බන්ධ රෝගාබාධ තත්ත්වයන් ඔබට පහසුවෙන් ඇතිවිය හැකි නිසා ඔබගේ ඇස් දෙක ප්‍රවේසම් කර ගැනීමට ඔබ මතක තබා ගැනීම වැදගත් වෙයි. විශේෂයෙන් අනිසි ලෙස දුරකතන භාවිතය රූපවාහිනී භාවිතය, පරිගණක භාවිතය, ආදිය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වෙයි.

ඔබගේ සෞඛ්‍ය තත්ත්වය වෙනස්වීමට පටන් ගන්නේ බොහෝ විට අවුරුදු 19 28 37 සහ 55 යන වයස් එළඹීමත් සමඟයි. ඒ ඒ වයස් මට්ටම් අනුව රෝග තත්ත්ව අඩු වැඩි වශයෙන් බලපානු ලබයි. තවද ස්වභාවයෙන්ම උෂ්ණාධික ශරීරයක් ඔබට හිමිවෙයි. එබැවින් උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටීමට මතක තබා ගැනීම වැදගත් වෙයි. නිතර වැඩිපුර ජලය පානය කිරීම ද ඔබගේ සෞඛ්‍යයට මනා හිතකර බව මතක තබාගන්න.

එමෙන්ම ඔබ ඔබගේ පපුව හෘදය ආශ්‍රිත රෝග තත්ත්ව සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කරන මෙන් මතක් කරමි. හෘදයට හිතකර ආහාර පාන ගැනීම සහ සෞඛ්‍ය රටාවක් පවත්වා ගැනීමට නිතරම උනන්දු වන්න. රුධිරගත රෝග තත්ත්වයන් ද ඔබට තවත් පහසුවෙන් ඇතිවිය හැකි රෝග තත්ත්වයක් වෙයි. එමෙන්ම මානසික ආතතිය සහ ස්නායු සම්බන්ධ රෝගවලින් ද ප්‍රවේසම්වීම වැදගත් වෙයි.

එමෙන්ම හන්දි ඉදිමීම, දණිස් අමාරු වැනි රෝග තත්ත්වයන් පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වෙයි. ඔබ සෑම අවුරුද්දකම ජනවාරි ඔක්තෝබර් සහ දෙසැම්බර් යන මාසවලදී තම සෞඛ්‍යය පිළිබඳ වඩා ප්‍රවේසම් විය යුතු කාලවකවානු වෙයි. විශේෂයෙන් ඔබ ගන්නා ආහාරවලට අමතර ආහාර ලෙස දෙහි, දොඩම් යුස, රටඉදි, ඉඟුරු, නිවිති, වියළි මිදි, බාර්ලි, මී පැණි, එළකිරි, පිපිඤ්ඤා, කොමඩු ආදී ආහාර එකතු කර ගැනීම තුළින් සුවදායී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට උපකාරී වෙයි. මෙම කාරණාවන් පිළිබඳ ඔබේ අවධානය යොමු කොට නිරෝගි භාවය පිළිබඳව සැලකිලිමත් වීමට කටයුතු කරන්න.

ඕනම මාසයක 2, 11, 20, 29 යන දිනවල උපන් අයගේ ලෙඩ රෝග හා සෞඛ්‍යය සම්බන්ධ තොරතුරු ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division