Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
August 17, 2024 12:29 am 0 comment

නිමිත්ත

ගාලු පුරේ මහ­ගෙ­දර පදිං­චිව සිටින මල්ලි,
ගමේ සිට වන්දනා නඩ­යක් අනු­රා­ධ­පුර බලා
යන හෙයින් අත­ර­ම­ඟින් ගන්න බඩු මල්ලක්
එව­න්න­ දැයි කුරු­ණෑ­ගල සිටින
අක්කා­ගෙන් විම­සයි.
පොල් මට එව­න්නෙපා
හාල් මට එව­න්නෙපා
උඹට පුළු­වන් නම් මල්ලියේ,
අපි­වත් ළඟ තියන්
තාල­යට කවි කියා
දහ­දිය කඳුළු මතින්
පොළව එක්ක ම ඔට්ටු වූ
රත්ත­රන් ඇස් හතර
ඇති තරම් බලා ගන්න
හැකි නම් ඒ බස් එකේ නංවා එවා­පන් …..
මොටද මට ගම්මි­රිස්, ගොරකා
කඩෙන් මට ගන්න හැකි
උඹ­ටත් විය­දම් සැරයි
ගම්මි­රිස්, ගොරකා උඹ සල්ලි කර ගනින්
යල මහ බල බලා
පොළව එක්කම නැහුන
රැලි ගැහුණ අත් හතර
අල්ලා සිඹි­න්නට
හැකි නම් බස් එකේ නංවා එවා­පන් ….
මැංගුස්, ඩොංගා, රඹු­ටන් වාරේ නේද
පොඩි පැට­වුන් එක්ක එන්න­මයි මගේ හිත
ඒත් කෝම අර පන්ති මේ පන්ති
අයි­ය­ටත් නෑ වැඩ නිමක්
කිවු­වත් වගේම පුංචි උන්ට බලා­ග­න්න­ටත් එක්කලා
ඩොංගා මල්ලක්, රඹු­ටන් මල්ලක් ඇහැක් නම් එවා­පන්…
මාමා එවලා කියාලා උන් කාවි ආසා­වෙන්
අහල පහල අයත් ඉන්න එකේ
අම්ම­වයි තාත්ත­වයි බස් එකට නග්ග­පන්
මන් පරි­ස්ස­මින් බස්ස ගන්නම්….

නන්දිකා හේමාලි ලිය­න­ග­මගේ
– කුරු­ණෑ­ගල


තනි – නොතනි

වත්ත පුරා සුවඳ විදා මල් හිනැ­හෙ­නවා
ඇරු­ණලු තැන් හෙමි­හිට පැල තුළට එබෙ­නවා
මලින් මලට සම­නල කැළ රහස් තිය­නවා
සිහිල් සුළං රැළි අවු­දින් මුහුණ සිඹි­නවා…
කොහෙදෝ ඈත­කින් අමුතු හඬක් ඇසෙ­නවා
“කාත් කවු­රු­වත් නැද්දැයි” තතු විම­ස­නවා
කුරුලු කුලුනේ සියො­තුන් බත් ඇට ඇහි­දි­නවා
සුදු පූසිය ඒ ළඟ භාවනා කර­නවා
කුරු­මා­නම් අල්ලන වග මසිත දන්නවා
පොඩි තර­ව­ටු­වක් කරලා ඉවත යව­නවා
දුර ඈතින් යළි අර හඬ මතු වී එනවා
කවුරු­වත්ම නැති පාටයි තීරණ දෙනවා
තවත් කවුරු­වත් මොක­ටද මේ ඉන්නා පිරිස් මදිද
විප­රම් කර වට­පිට මම පිළි­තුරු දෙනවා

ඇල්පි­ටිය, චන්ද්‍රා රෝහිණී කැටි­පෙ­ආ­රච්චි


ඒ භූමිකා සදා­කා­ලි­කය

සරා සඳ විය කවි නළු නාටක අඹරේ
විහිද වූ සොමි කිරණ ප්‍රේක්ෂක හද සැන­සුමේ
“මළ­ගිය ඇත්තෝ” ඔවු­නගේ “අවු­රුදු දා”
රම­ණීය බස­කින් ජීවිතේ සුඛ දුක්ඛ කියාදී
“නෝ – කබුකි” – සන්නිද නාඩ­ගම් හඬ නළු­වද
ආභා­ස­යක් වී ‘මනමේ’ ‘සිංහබා’ දෘශ්‍ය කාව්‍යයේ
අදි­යු­රුව නාටකේ – ලිවි සැරියේ නිර්මාණ රති­යෙන්
චරිත ද සිද්ධි ද අදත් ලෝ රඟ මඬලේ භූමිකා

නන්ද­සිරි හෙට්ටි­ආ­රච්චි – ඌරු­ග­මුව


ඒ මගේ නිව­හන..

ඔබේ ගිම්හාන නිව­හන ඉදි­රි­පස
කුඩා කඳු­ගැ­ටය මත
නූස් තුරු ගොල්ලෙන් වැසුණු
මගේ පොඩි නිව­හන
ඇති බව ඔබ දන්න­වාද..
ඒ මගේ නිව­හන
ගිම්හා­නය, වස­න්තය
හේම­න්තය මෙන්ම
හිම මිදෙන සිසි­ර­යේද
මා නිවස්නා තැන එතැ­නය..
ඉඳ­හිට ගිම්හාන රාත්‍රි­යක
ඔබේ ගිම්හාන නිව­හනේ
පහන් දැල්වී තිබෙනු දකිමි…
සතුටු සාද හඬ ඇසේ…
එවිට මගේ කවු­ළු­වෙන් එන
සුළඟ ගෙන එන මස­වුළු සුවඳ
සාදයේ රස­වත් බව
මට කොඳුරා කියයි..
මගේ කුස පිරෙයි
සිත පිරෙයි
තනි මැකෙයි…
ගිම්හා­නයේ අග
තුරු පත් විසි­තුරු පෑ ගනී
කහ පෑ, රතු පෑ පත්
එකින් එක බිම පතිත වෙයි..
ඇඟ කිලි­පොළා යන සීත නළ රැලි
සිසි­රයේ පණි­වු­ඩය ගෙන එයි..
තුරු වදුල නිරු­වත් වූ පසු
මගේ නිව­හන ඔබට පෙනේද…
එවිට ඔබ ගිම්හාන නිව­හ­නට එන්නේ නැත..
වැසූ දොර කවුළු
මසිත හිස් කරයි
තනි දැනෙයි..
සිසි­රය ගැඹුරු වෙයි..
මා අවට සීත­යෙන් මිදෙයි
ඇතු­ළත ද එසේ­මය..
මේ සීත­ලෙන් නොමි­දෙන
හිරු දිලෙන උණු­සුම් දෙසක
ඔබට තවත් නිව­හ­නක් ඇතිද..
ඔබ එහි උණු­සුම් ව
ඇතැයි සිතෙන විට..
මසි­තද උණු­සුම් වෙයි..
ඔබේ පාළු ගිම්හාන නිව­හන
සීත­ලෙන් ගල් ගැසී
මදෙස බල­මින් සිනා­සෙයි..

කුමු­දිනී වේලා­රත්න


අම්ම­ටත් වැර­දුණා

දොර­කඩ රෝස පඳුරේ මල් කැඩූ දින
අම්මා හිනැ­හුණා මල්ලිව වඩා­ගෙන
තැළුවම සිනිඳු පෙති ඒ අත බෙදා­ගෙන
මට සැර­වුණා “කොල්ලොනෙ බං” කියා­ගෙන
සිරවී ගෙයි ම මා දැඩි විය ගෙන අබි­මන්
මල්ලී මව් හිසින් වැඩි කර­ඬුව උතු­මන්
පුත් බෝස­තු­න්ටත් ලැබුණ ම ලොව අව­මන්
දෑතට නොපෑ වේවැල හෙළු­වෙය සුසු­මන්
පෙති සුදු සුවඳ මල් මිට­කට නෙළා­ගෙන
මල්ලිට සෙත් පතයි පැන් කළ පුරෝ­ගෙන
ඉර­ටත් කලින් කඳු­ළින් බත උයා­ගෙන
අම්මා දුවයි වැලි­කඩ ඇහැ තෙමා­ගෙන

චන්ද්‍ර නිශ්ශංක හපු­ආ­රච්චි – රත්න­පුර


මගේ ජීවි­තය

විසල් මැදුරු සුවි­සල් මන්දිර නැතු­වාට මොකෝ
කෝටි ගණන් මුද­ලුත් නැතු­වාට මොකෝ
ලොකු ලොකු වාහ­නත් නැතුවා කියලා මොකෝ
පින්වත් පුතුන් දෙදෙනා මෙතැ­නෙනේ සුදෝ
පැත්තට ඇල­වෙලා පොළ­වෙත් ඉරි තළලා
ලෑලිත් ගැල­විලා ඒ අත­රින් හිලුත් පෑදිලා
වහ­ලත් හිල්වෙලා වැහි­ව­තු­රත් ගෙට වැටිලා
ජීවත් කළේ මම දරු­වන් කොහො­මද කිය­පල්ලා
සල්ලි­ව­ලට කවු­රුද ආසා නොක­රන්නේ
කළ හොඳට කවු­රුද ගුණ සුවඳ පතු­රන්නේ
සිදුවූ දෙයට ආප­ස්සට නොබ­ලන්නේ
දරු දෙදෙනා දෙස බලා මම අද සැන­සෙන්නේ

පුෂ්පා නාලනී පීරිස් – පාන­දුර


ඒ හැටි

සඳ නැඟු­ණම
අහස් ගැබට
තරු අඬන්නෙ නෑ
මල් හැලු­ණම
ගෙඩි වැටු­ණම
ගහ අඩන්නේ නෑ
ගොඩ ගැලු­වම
ගම් යට කර
ගඟ අඬන්නේ නෑ
දොර වැඩි­යම
කුරුලු පැටව්
උන් අඬන්නෙ නෑ
මං මැරු­ණම
නුඹ ඇඬු­වට
මං අඬන්නේ නෑ

දයා හේවා­ගම – අනු­රා­ධ­පුර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division