ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට ගනු ලබන උත්සාහයන්ට එරෙහි වීම සඳහා මාධ්‍ය වඩාත් ශක්තිමත් විය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවැසීය.
හෙතෙම ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය විසින් ‘ශ්‍රී ලංකාවේ මැතිවරණ භූමිකාව තුළ මාධ්‍ය සහ නීතියේ කාර්යභාරය’ යන තේමාව යටතේ ඉකුත් 06 වැනිදා ශ්‍රී ලංකා නීතීඥ සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති නීනිඥ සාලිය පීරිස් මෙසේ ද පැවසීය.
“එළැඹෙන ජනාධිපතිවරණය අපට ඉතාමත් වැදගත්. මැතිවරණ නීතිය අනුව ජනාධිපතිවරණයේදී මාධ්‍ය ආයතනය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසමට උපමාන ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා. මේ උපමානවලට අවනත නොවුණොත් දඬුවම් කරන්න පුළුවන්. නමුත් මේ හැකියාව තිබුෙණ් රාජ්‍ය මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් පමණයි. දැන් පෞද්ගලික මාධ්‍ය ආයතන ද මේ උපමාන පිළිපැදීම වැදගත්. ඕනෑම රටක තිරසර ආර්ථික සංවර්ධනක් ඇති කිරීමට නම් ඒ රට නීතියේ ආධිපත්‍යයට ගරු කරන, මූලික මානව හිමිකම්වලට ගරු කරන, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක් විය යුතුයි. එසේ නොමැතිව තිරසර ආර්ථික සංවර්ධනයක් ඇති කළ නොහැකියි. විශේෂයෙන් මේ මැතිවරණ සමයේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම පිළිබඳ මාධ්‍යයට පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකියි.”