Home » IMF එකඟතා වෙනස් ක‍ළොත් රට යළිත් ආර්ථික අර්බුදයකට යයි

IMF එකඟතා වෙනස් ක‍ළොත් රට යළිත් ආර්ථික අර්බුදයකට යයි

සහකාර මහ බැංකු අධිපති ආචාර්ය සී. අමරසේකර

by Mahesh Lakehouse
August 17, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතා වෙනස් කිරීමට ගියහොත් ශ්‍රී ලංකාව යළිත් ආර්ථික අර්බුදයක් කරා යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර මහ බැංකු අධිපති ආචාර්ය සී. අමරසේකර පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකගතා ඇතිකරගැනීම තුළින් මෙරට ආර්ථිකය සවිමත් වන අතරම ලෝකයේ මෙරට ආර්ථික කටයුතු සම්බන්ධව විශ්වසනීයත්වයක් පිළිගැනීමක් ඇති කර තිබෙන බවත් එම එකඟතාවලින් ඉවත් වුවහොත් එම පිළිගැනීම යළිත් බිඳ වැටෙනු ඇති බවද ඔහු පැවසුවේය.

එම එකඟතාවන්ගෙන් ඈත්වීම තුළින් රට 2022 වසරේ පැවැති තත්ත්වයටම යළිත් ඇද වැටීමට ඉඩ ඇති බව පෙන්වා දුන් සහකාර මහ බැංකු අධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව සිදු කළහොත් එයින් ගැටලුවක් ඇති නොවන බවද වැඩි දුරටත් කීවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division