2016 වසරේ චීනයේ ඉතාමත් ජනප්‍රිය වූ ode to joy – 2 නම් මාලා නාටකය ඇසුරෙන් නිම වෙන කිරිල්ලියෝ 02 ජාතික රූපවාහිනී ටයිටස් තොටවත්ත හඬකැවීම් මැදිරියේදී නිර්මාණය විය. සතියේ දිනවල පස්වරු 6.30ට ජාතික රූපවාහිනියෙන් කිරිල්ලියෝ 02 චීන කතා මාලාව විකාශය වේ.
තරුණියන් පස්දෙනෙකු අතර ඇතිවන මිතුදම සහ ඒ ඔස්සේ ඔවුන් මුහුණදෙන අභියෝගයන් මෙන්ම ඒවා ජයගන්නා ආකාරයත් මේ කතා මාලාව පුරාම විසිරී ඇත. ජාතික රූපවාහිනිය තුළින් අපූර්ව ලෙස හඬකැවූ මෙම නාට්‍ය සඳහා හඬකැවීම් ශිල්පීන් විශාල ප්‍රමාණයක් දායකත්වය ලබාදී ඇත. රවීන් කණිෂ්ක, පූර්නිමා විදේශිකා, තේජානි විජේසිංහ, පියුමි විජයවර්ධන, උමා අසේනි, ශනුද්‍රි ප්‍රියසාද්, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ආදී හඬකැවීම් ශිල්පීන් 100කට ආසන්න ප්‍රමාණයක් කිරිල්ලියෝ කතා මාලාවට හඬකැවීමෙන් දායකත්වය ලබා දී ඇත.
මෙහි තේමා ගී පද රචනය යශෝදා අධිකාරි විසින් ද, සංගීත නිර්මාණය උදාර සමරවීර විසින් ද සිදුකර ඇත. තේමා ගී ගායනය ෆැලන් ඇන්ඩ්‍රියා, ආදිත්‍යා වැලිවත්ත සහ කාංචනා අනුරාධි යන ගායිකාවන් විසින් ගායනා කරන ලදී.