Home » ආනයනික ලෙඩ් ඇසිඩ් බැටරි ස්ටිකර් ගසා වෙනස් කරන ජාවාරමක් හෙළිවේ

ආනයනික ලෙඩ් ඇසිඩ් බැටරි ස්ටිකර් ගසා වෙනස් කරන ජාවාරමක් හෙළිවේ

by Mahesh Lakehouse
August 17, 2024 12:30 am 0 comment

ලෙඩ් ඇසිඩ් බැටරි තහනමක් සඳහා අවශ්‍ය කෙටුම්පත් සකස් කළ බවට දැනගත් ආනයනකරුවන් තහනමට පෙර රේගුවෙන් මුදාගැනීමට ලෙඩ් ඇසිඩ් බැටරි ලක්ෂ දෙකක් කඩිමුඩියේ ඇණවුම්කොට ඇති බව වාර්තාවේ.

මෙම බැටරිය භාවිතයෙන් පසු ඉවත් කිරීමේදී සිදුවන පාරිසරික හානි සහ ජනතාවට පිළිකා රෝග, වකුගඩු රෝග, ශ්වසන ආබාධවලට ලක්වීම මෙම තහනමට හේතු වී ඇත. ලංකාවේ දැනට මෙම ලෙඩ් ඇසිඩ් බැටරි ප්‍රතිචක්‍රිකරන මධ්‍යස්ථාන තුනක් ඇති අතර ඒවායේ මෙම බැටරි ප්‍රතිචක්‍රිකරනය කළ නොහැකිව ගොඩ ගැසී ඇති බව හෙළිව ඇත. .

2016 යුරෝපීය රසායන ද්‍රව්‍ය සංගමය ලෙඩ් බැටරි නිෂ්පාදනයට භාවිතා කරන රසායන ද්‍රව්‍ය 4ක් තහනම් කර ඇත. 2014 චීනය ලෙඩ් ඇසිඩ් කර්මාන්තශාලා 90% ක් වසා දැමු අතර 100% අපනයනය කරන කොන්දේශිය මත පමණක් නිෂ්පාදන කටයුතු අවම වශයෙන් සිදුවේ.

ලංකාවට ගෙන එන විද්‍යුත් වාහනවල ඇති ලෙඩ් ඇසිඩ් බැටරියට වංචනිකව ස්ටිකර් ගසා වෙනස් කර ඇති බවටද වාර්තා වේ. ලෝ පුරා දැන් භාවිතා වන්නේ පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරි වේ. ලිතියම් අයන් බැටරියක් ලක්ෂ දෙකක් පමණ මිලකට අලෙවි වන අතර එහි ආයු කාලය වසර 05 කි. ලෙඩ් ඇසිඩ් බැටරියක මිල රුපියල් 35000/- ක් වුවත් එය ලෝකයේ බොහෝ රටවල තහනමට ලක්වු බැටරියක් වන අතර එහි ආයු කාලය වසරකටත් අඩු බවද හෙළිදරව් වී ඇත.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division