තම පක්ෂයට කිසිදු අපේක්ෂකයෙක් අභියෝගයක් නොවන බවත් ජනාධිපතිවරණයට පක්ෂය සූදානම් වූයේ වසර දෙකකට පෙර සිට බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සිළුමිණට කීය.
‘‘ අපිට මේ කිසිම කෙනෙක් අභියෝගයක් නෙවෙයි. ඒ අපේක්ෂකයෝ විවිධ පක්ෂවල විවිධ අර්බුදයන්ට පත් වුණු පුද්ගලයන් එකතු කරගන්නවා. ඒත් අපි එකතු කර ගන්නේ ජනතාවයි.
අපි ඉන්නේ ජනතාවත් එක්ක, අනෙක් අය ඉන්නේ හොරු එක්ක ඒකයි විශේෂත්වය. රටේ ජනතාව හොඳට ම දන්නවා කපටියන් කවුද කියල. සජිත් වගේ වැඩක් නැති නායකයෝ, නාමල්වගේ දාන්න කෙනෙක් නැතුව අහම්බෙන් දාපු අපේක්ෂකයන් ජනතාවට වැඩක් නැහැ. ජනතාව ඉල්ලන්නේ අනුර දිසානායක වගේ රට හදන්න පුළුවන් කෙනෙක්.‘‘