හික්කඩුව නගරය හරහා බර වාහන ගමන් කිරීමෙන් ඇතිවන මාර්ග තදබදය දුරු කිරීම වෙනුවෙන් ඉදි කළ හික්කඩුව වටරවුම් මාර්ගය විවෘත කිරීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් තහනම් කර ඇත.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් හික්කඩුව වෙළෙඳ ප්‍රජාවට ලබා දුන් පොරොන්දුවක් අනුව මේ මාර්ගය ඉදි කළ අතර දකුණේ සංචාරක පුරයක් වන හික්කඩුව නගරය හරහා බරවාහන ගමන් කිරීම නිසා හික්කඩුවේ (ගාලු පාරේ) ඇති වන මාර්ග තදබදය දුරු කිරීම එහි අරමුණ විය.
එම මාර්ගය විවෘත කිරීම පසුගිය සිකුරාදා උදෑසන සිදු කිරීමට නියමිතව තිබුණද එය විවෘත කිරීමට අවසර ලබා දිය නොහැකි බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලිඛිතවම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙත දන්වා ඇත.