652
හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්රාප්ත වී තිබෙයි
අභාවප්රාප්ත වන විට ඒ මහතා වයස අවරුදු 78 වියේ පසු විය.
ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු අද උදෑසන අභාවප්රාප්ත වී තිබෙයි.
එක්සත් ජාතික පක්ෂයෙන් ක්රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රිවරයෙකු ලෙසත් බස්නාහිර පළාත් සභා මන්ත්රිවරයෙකු ලෙසත් දශක තුනක කාලයක් මහජන සේවාවේ යෙදුණු පුද්ගලයෙකි.
මිය යන විට ඒ මහතා සමගි ජන බලවේගයේ බොරැල්ල අසානයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළේය