Home » ත්‍රිරෝද රථ කොල්ලකන අයියා මලෝ කොටුකරන්න සැරයන් ගහපු ගැටේ

ත්‍රිරෝද රථ කොල්ලකන අයියා මලෝ කොටුකරන්න සැරයන් ගහපු ගැටේ

by thanushika
August 24, 2024 12:30 am 0 comment

ත්‍රිරෝද රථ සහ ස්කූටි මෝටර් බයිසිකල් සොරුන් ගැන රට වටෙන්ම වාර්තා වෙයි. එම වාහන වර්ග දෙක සොරකම් කිරීමේ සිදුවීම් ද වැඩිපුර වාර්තා වන බව දැනගන්නට තිබේ. වාහන සොරුන් සහ කොල්ලකරුවන් මේ වාහන වර්ග දෙක සොරකම් කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බව හෙළි වී ඇත්තේ පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදීය.

ත්‍රිරෝද රථ සහ ස්කූටි සොරකම් කරන වාහන සොරුන් ඒවා යම් ස්ථානවලට ගෙන ගොස් කැබලිවලට ගලවා අමතර කොටස් ලෙස විකිණීමට කටයුතු කරන්නේ ඉන් ලොකු මුදලක් අතට එන නිසාය. යක්කල පොලිසිය මෙවැනි සොර කල්ලියක් අල්ලා ගන්නේ පසුගියදාය. ගම්පහ දිස්ත්‍රික්කයේ යම් ස්ථානවලදී සොරකම්කර තිබුණ ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් කීපයක් සොයා ගැනීමට පොලිසියට හැකි විය.

ත්‍රිරෝද රථවලට කුලී ගමන් යන අය ලෙස ගොඩ වී අතරමඟදී ත්‍රිරෝද රථ රියැදුරන් කපා කොටා ඔවුන් සතු මිල මුදල් සහ රන් ආභරණ කොල්ලකා පලා යන ප්‍රබලම කල්ලියක් අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට හැකි වූයේද පසුගියදාය. අයිස් මතට ඇබ්බැහි වූ කොල්ලකරුවන්ගේ පිහි පහරවලින් ත්‍රිරෝද රථ රියැදුරන් කීප දෙනෙකුටම බරපතළ තුවාල සිදු වී තිබිණි.

මෙලෙස ස්කූටි සොරකම් කරන කල්ලියක් මිනුවන්ගොඩදීත් තවත් කල්ලියක් මීගමුවේදීත් අල්ලා ගැනීමට පොලිසියට හැකි වූයේ පසුගියදාය. මිනුවන්ගොඩ පොලිසිය සහ මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මෙම වැටලීම සිදු කර තිබුණි.

පොලිසිය තොරතුරු හෙළිකර ගෙන ඇති ආකාරයට ස්කූටි සහ ත්‍රිරෝද රථ පැහැරගන්නා ඇතැම් කල්ලි කණ්ඩායම්වල අරමුණ එම වාහනවලින් ගොස් කොල්ලකෑම් සිදුකර ත්‍රිරෝද රථය හෝ ස්කූටිය අත

රමඟ දමා පලා යාමයි. තවත් කල්ලි කණ්ඩායම් සිදු කරන්නේ එලෙස පැහැරගන්නා ත්‍රිරෝද රථ සහ ස්කූටි කැබලිකර අමතර කොටස් ලෙස විකිණීමයි.

ත්‍රීරෝද රථ සහ ස්කූටි සොරකම් කරන සහ කොල්ලකන කල්ලි කණ්ඩායම් ගැන සුවිශේෂී අවධානය යොමුකර එම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දුන්නේ යුක්තිය මෙහෙයුම සිදුවන අතරතුරදීය.

යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිසිය සිය සුවිශේෂී අවධානය යොමුකර තිබුණේ ස්කූටි සහ ත්‍රිරෝද රථ කොල්ලකන කල්ලි කණ්ඩායම් අල්ලා ගැනීම සඳහාය. විශේෂයෙන් එම අපරාධ රාත්‍රි කාලයේ වැඩිපුර වාර්තා වූ නිසා පොලිසිය ඒ ගැන වැඩි අවධානයක් යොමුකර තිබුණි.

පොලිස් නිලධාරීන් එලෙස එම විමර්ශන කටයුතුවල නිරතව සිටින අතරේ මට්ටක්කුලිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා සුවිශේෂී වැටලීමක් සිදු කරන ලදි. ඒ ත්‍රිරෝද රථ පැහැරගන්නා සංවිධානාත්මක පුද්ගලයන් දෙදෙනෙකු කොටුකර ගැනීමය. එම පුද්ගලයන් දෙදෙනා එකම පවුලේ අයියා මලෝ බවට තොරතුරු හෙළිවන්නේ මට්ටක්කුලිය පොලිසියේ අදාළ විමර්ශනය සිදු කරන ලද නිලධාරීන් සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

අපරාධ මර්දන රාජකාරියේ නිරතව සිටි මට්ටක්කුලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් කණ්ඩායම

කට පසුගියදා තොරතුරක් ලැබෙන්නේ සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙක් ත්‍රිරෝද රථ දෙකක් ද රැගෙන මට්ටක්කුලියට පැමිණ සිටින බවය. එම ත්‍රිරෝද රථ දෙක කුමන ප්‍රදේශයකින් හෝ සොරකම් කරන ලද ඒවා බවට සැක කරන බවත් ඒවා මට්ටක්කුලියට ගෙනැවිත් ඇත්තේ කැබලිවලට ගලවා වි

කිණීමට බවත් පොලිසියට ලැබුණ තොරතුරේ සඳහන් විය. මේ ගැන මුලින්ම තොරතුරු ලැබෙන්නේ මට්ටක්කුලිය පොලිසියේ සැරයන් (12104) කැළුම්ටය.

ඒ අනුව වහාම එම ස්ථානයට ගිය මට්ටක්කුලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයෝ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථ දෙකද තමන් භාරයට ගන්නේ සැකකරුවන් දෙදෙනාගේ වතගොත ද විමසමිනි.

එලෙස අත්අඩංගුවට ගත් දෙදෙනා අයියා සහ මල්ලී බවත් ඔවුන්ගේ මුල් පදිංචිය නවගමුව ප්‍රදේශය වුවත් ඔවුන් මේ වන විට මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ බෝඩින් කාමරයක නතර වී ත්‍රිරෝද රථ සොරකම් සහ කොල්ලකෑම් සිදු කරන බවත් හෙළි විය.

සැකකාර අයියා මලෝ සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 21ක්, ජංගම දුරකතන 5ක්, අත් ඔරලෝසුවක්, කොල්ලකෑ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ මුදල් පසුම්බිවල තිබුණ රියැදුරු බලපත්‍ර ඒ.ටී.එම්. කාඩ්පත් කීපයක් ද සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

මට්ටක්කුලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් මේ අයියා මලෝ ගැන දීර්ඝ විමර්ශනයක නිරත වෙද්දී හෙළිවන්නේ පසුගිය සති දෙක ඇතුළතදී දොම්පේ, බියගම, වැල්ලම්පිටිය, පෑලියගොඩ පොලිස් වසම්වල සිදු වූ ත්‍රිරෝද රථ කොල්ලකෑම්වලට මේ දෙදෙනා සම්බන්ධ බවය.

මේ අයිය මලෝ කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට ගොඩවී අතරමගදී රියැදුරන්ට පිහිවලින් ඇණ ත්‍රිරෝද රථ පැහැරගෙන ගොස් තිබුණ බවද අනාවරණය වන්නේ ඔය අතරය.

මේ අයියා මලෝ දොම්පේ සහ බියගම පොලිස් වසම්වලින් ත්‍රිරෝද රථ තුන බැගින් ද වැල්ලම්පිටිය සහ පෑලියගොඩ පොලිස් වසම්වලදී ත්‍රිරෝද රථ දෙක බැගින් ද පසුගිය සති දෙකේදී කොල්ලකා ඇතැයි හෙළි වී තිබේ.

මත්කුඩුවලට තදින් ඇබ්බැහි වූ මේ සැකකරුවන් මීට පෙර සිදු වූ කොල්ලකෑම් සහ සොරකම් රැසකට ද සම්බන්ධ බව ට හෙළි වී ඇත.

කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කුමාර රූපසිංහ, සහකාර පොලිස් අධිකාරී තරංග සේමසිංහ යන නිලධාරීන්ගේ උපදෙස් මත මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ කරුණාරත්නගේ මෙහෙයවීමෙන් සැරයන් (12104) කැළුම් ප්‍රියන්ත, කොස්තාපල් (81565) සංජය යන නිලධරයන් වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – බිමල් ජයසිංහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division