Home » ස්ටාර් ගාමන්ට්ස් සමූහයට SLITAD සම්මාන උලෙළේදී රන් සම්මානයක්

ස්ටාර් ගාමන්ට්ස් සමූහයට SLITAD සම්මාන උලෙළේදී රන් සම්මානයක්

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

පසුගියදා පැවැති SLITAD -2023/24 ජනතා සංවර්ධන සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ලොව පිළිගත් උසස් මට්ටමේ මානව සම්පත් කළමනාකරණ භාවිතාවන් අනුගමනය කිරීම වෙනුවෙන් ස්ටාර් ගාමන්ට්ස් සමූහයට විශේෂ රන් සම්මානයක් හිමි විය. එය, ශ්‍රී ලංකා පුහුණු සහ සංවර්ධන ආයතනය විසින් පස්වැනි වරටත් සංවිධානය කර තිබිණි. “ස්ටාර් ගාමන්ට්ස් සමූහය සතු නිර්මාණශීලිත්වය, සහයෝගිතාව සහ මානව සම්පත් සංවර්ධනය දිරිගන්වන ආයතනික සංස්කෘතියට ලැබුණු වටිනා ඇගැයුමක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැකියි. ඒ වගේම, එය සමාගමේ පරිවර්තනීය වර්ධනය සහ නවෝත්පාදන විශිෂ්ටත්වය වෙනුවෙන් කැප වී කටයුතු කරන අපගේ කාර්ය මණ්ඩලයට ලැබුණු ඇගැයීමක්” යනුවෙන් ස්ටාර් ගාමන්ට්ස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ. සුකුමාරන් මහතා ප්‍රකාශ කළේය. මෙම සම්මාන උලෙළ සඳහා සහභාගී වූ පළමු අවස්ථාවේදීම මෙවැනි සම්මානයකින් පිදුම් ලැබීම ස්ටාර් ගාමන්ට්ස් සමූහය ලද තවත් ජයග්‍රහණයකි. මීට පෙර ද ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවයට සුදුසුම ස්ථානයක් හෙවත් Best Workplaces ලෙස ස්ටාර් ගාමන්ට්ස් නම් කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division