Home » ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගය සැප්තැම්බර් 01 දා

ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගය සැප්තැම්බර් 01 දා

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

ඉන්දියානු සංස්කෘතික සංගමය (ICA) සංවිධානය කරන ප්‍රථම ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගය 2024 සැප්තැම්බර් මස 01 වැනි දින කොළඹ ගාලුමුවදොර පිටියෙන් නිල වශයෙන් ආරම්භ කෙරේ. මෙම ඉසව්ව සඳහා රටවල් ගණනාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,400කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වනු ඇත. මෙම මැරතන් තරගය සඳහා සහභාගී වන්නන් හට හරිත පා සටහනක් තැබීම සංකේතවත් කරමින්, සිය ශරීර අවයව පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා ලබා ගැනීම, අනාථ නිවාස සඳහා ආධාර ලබා දීම සහ ප්‍රාදේශීය පාසල්වල නා පැළ සිටුවීම ඇතුළු තම ආයතනික සමාජ සත්කාර සඳහා අරමුදල් සම්පාදනය කිරීමට ඉන්දියානු සංස්කෘතික සංගමය ඉඩ හසර ලබා දෙයි. ඉන්දියානු සංස්කෘතික සංගමයේ සභාපති කපිතාන් අනිර්බාන් බැනර්ජි මහතා සිය සංගමයේ කැපවීම මෙසේ ප්‍රකාශ කළේය. ” මෙම තරගයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව ක්‍රීඩා සංචාරය සහ එළිමහන් විනෝදාස්වාදය සඳහා සුදුසු ගමනාන්තයක් ලෙස ස්ථාපනය කරන අතරම ශ්‍රී ලාංකිකයින් කායික වශයෙන් අභියෝගාත්මක ක්‍රියාකාරකම් සඳහා දිරි ගැන්වීමයි…

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division