Home » වෙරළ ආශ්‍රිත මුර සංචාරවලට ඔස්ට්‍රේලියානු All-terrain වාහන

වෙරළ ආශ්‍රිත මුර සංචාරවලට ඔස්ට්‍රේලියානු All-terrain වාහන

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

ඔස්ට්‍රේලියානු දේශසීමා බළකාය විසින් පසුගියදා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව (SLCG) වෙත All-terrain වාහන (ATVs) ත්‍රිත්වයක් ප්‍රදානය කරන ලදි. මෝටර් සහිත මෙම කුඩා off-highway වාහන රළු භූමිවල ප්‍රවාහනය සඳහා පහසුවෙන් භාවිත කළ හැකි අතර, එය ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වෙරළ ආශ්‍රිත මුර සංචාර වෙනුවෙන් උපකාරී වනු ඇත. මෙම වසරේ මුල් භාගයේදී ඔස්ට්‍රේලියානු දේශසීමා බළකා මූලස්ථාන පරිශ්‍රයේ සිදු කළ සංචාරයක දී ATVs ධාවනය කිරීම පිළිබඳ පරීක්ෂා කළ බව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන මහතා සඳහන් කළ අතර ATVs මුහුදු වෙරළේ මුර සංචාරක කටයුතු වැඩි දියුණු කිරීමට සූදානම් කර ඇති බව ඔහු පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division