Home » යුනියන් බැංකුව සහ මොරටුව විශ්වවිද්‍යාලය ව්‍යවසායකත්ව සංවර්ධනයට එක්වේ

යුනියන් බැංකුව සහ මොරටුව විශ්වවිද්‍යාලය ව්‍යවසායකත්ව සංවර්ධනයට එක්වේ

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

යුනියන් බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනට (NEDP) සහාය දැක්වීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය සමඟ නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.යුනියන් බැංකුවේ සභාපති නිර්වානා චෞද්‍රි, අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගෝ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්. ඩී. ගුණවර්ධන මහත්වරු ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. මෙම මුලපිරීම යුනියන් බැංකුවේ School of Social Entrepreneurship (UBSSE) දැක්ම යටතේව්‍යවසායකයින් සඳහා මූල්‍ය ප්‍රවේශයක් ලබා දේ. යුනියන් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියා වන CG Corp Global Group හි නේපාලයේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන Nabil බැංකුව විසින් මෙහෙයවනු ලබන සුප්‍රසිද්ධ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් වන NabilSSE මුලපිරීමේ ආභාෂය ලබා ගනී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division