අංක විද්‍යා ජ්‍යෝතිෂයට අනුව සහ ඔබගේ ජන්ම අංකයට අනුව සෞඛ්‍ය තත්ත්වය හඳුනාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වන අතර පහුගිය කලාපයෙන් ජන්ම අංක එක අයට අදාළ පලාපල විස්තර සඳහන් කරන ලදී. මෙහිදී සලකා බලන්නේ ඔබ කුමන අවුරුද්දක කුමන මාසයක ඉපදුණත් ඔබගේ උපන් දිනය පමණි.
මෙම ලිපියෙන් ඕනෑම මාසයක 2, 11, 20, 29 දිනවල උපන් අයගේ සෞඛ්‍ය තත්ත්වය සහ වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමි. ඕනෑම මාසයක 2, 11, 20, 29 දිනවල උපන් අයකුගේ ජන්ම අංකයට අංක 2යි.
මේ තුළින් ඔබට ඔබට වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව කල් තියා හඳුනා ගැනීමට හැකියාව ලැබෙන අතර එමගින් එම අවදානම් තත්ත්වයන්ට කලින් සූදානම් වීමටත් එම රෝගාබාධයන්ගෙන් වැළකී සිටීමටත් නීරෝගි ප්‍රීතිමත් සතුටුදායක ජීවිතයක් ඔබට ගෙවීමටත් හැකියාව ලැබෙන බව සඳහන් කළ හැකිය.
ඔබගේ උපන් දිනය 2, 11, 20, 29 යන දිනෙක සිදුවීම නිසා සඳු ග්‍රහයාට හිමි අංක දෙකෙහි බලපෑම ඔබ කෙරෙහි වඩාත් තදින් ක්‍රියාත්මක වෙයි. ප්‍රධාන වශයෙන් ජලයටත් මනුෂ්‍ය ශරීරයේ නම් සිතටත් සඳු ග්‍රහයා වඩාත් බලපවත්වයි. ඔබ සෑම විටම මානසික සමබරතාවය පවත්වාගෙන කටයුතු කිරීමට උනන්දු විය යුතුයි. ඔබට වැලඳෙන බොහෝ කායික රෝගයන්ට ඔබේ මානසික තත්ත්වය හේතු වන්නට පුළුවන. අවශ්‍ය තරම් විවේක ගැනීම ද වැදගත් වෙයි.
අධිසංවේදීභාවය සහ මානසිකව ඔබගේ දරාගැනීමේ සීමාවද ඔබ හොඳින් දැන සිටිම වැදගත් වෙයි. විශේෂයෙන් ඔබ ඔබගේ ආවේගාත්මක සිතුවිලි පාලනය කෙරෙහි වඩාත් උනන්දු වීම වැදගත් වනු ඇත.
එසේ නොමැති වුවහොත් ඉතා කෙටි කාලයක් තුළ මානසික ආතතියට පත්වීම සිදුවිය හැකිය. වුවමනාවට වඩා අධික ලෙස කල්පනා කිරීම නිසාද හිසේ කැක්කුම් සහ ස්නායුගත රෝගය පහසුවෙන් ඇති කළ හැකියි.
තුන් දොස් අතරින් ශරීරගත සෙම් ධාතුව කිපීම නිසා ඇතිවන රෝගාබාධයන් ද පහසුවෙන් වැලඳීමේ හැකියාවක් පවතී.
විශේෂයෙන් ඔබ ඔබගේ ආහාර පිළිබඳව වැඩි අවධානයක් තබා ගැනීමද වැදගත් වනු ඇත. උදරගත අසනීප ආහාර අජීරණ තත්ත්වයන් පහසුවෙන් ඔබට වැලඳෙයි.
එමෙන්ම දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් වැළඳීමේ වැඩි සම්භාවිතාවක්ද පවතී එම නිසා ආහාර පාන ගැන සැලකිලිමත් වීම තුළ ඒවා පාලනය කර ගැනීමට උත්සාහ ගන්න. සෑම දිනකම විනාඩි කිහිපයක් හෝ තමාගේ ශාරීරික ව්‍යායාම වෙනුවෙන් වෙන් කිරීමද ඉතා වැදගත් වන අතර වැඩිපුර ජලය පානය කිරීමට ද නිර්දේශ කරමි. විශේෂයෙන් පපුව ආශ්‍රිත සෙම් රෝග තත්ත්වයන් ඇදුම හතිය මහන්සිය වැනි රෝග තත්ත්වයන් පීනස අමාරුව සහ හිසේ බර ගතිය උගුර ආශ්‍රිත රෝග තත්ත්වයන් ද පහසුවෙන් වැලඳීමේ හැකියාව පවති.
වකුගඩු සහ මුත්‍රා ආබාධ සම්බන්ධයෙන්ද වඩා සැලකිලිමත් වීම වැදගත් වෙයි. එමෙන්ම ඔබ වඩා සුවදායක නින්දක් ලබාගත යුතු අතර නිදි වැරීම කිසිසේත්ම සුදුසු නොවේ. මානසික විවේකය සතුට ලබා ගත හැකි සරල අභ්‍යාස මෙන්ම ආගමික ස්ථානවල ආගමික කටයුතුවලට සම්බන්ධවීම ස්වාභාවික පරිසර සෞන්දර්ය වින්දනයට යොමුවීම ආදිය මඟින් වඩා හොඳ කායික මෙන්ම මානසික සෞඛ්‍යයක් ද පවත්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
විශේෂයෙන් ඔබගේ සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු කාලසීමාවන් ලෙස වයස අවුරුදු 20, 25, 29, 43 47, 52, 65. යන වයස් සීමාවන් දැක්විය හැකිය. එමෙන්ම සෑම වර්ෂයකම ජනවාරි පෙබරවාරි සහ ජූලි මාසවලදීද සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වෙයි. විශේෂයෙන් ඔබ බෝ වෙන රෝග වලින්ද ප්‍රවේශම්වීම වැදගත් වෙයි. එමෙන්ම ඇස් හා සම්බන්ධ රෝග තත්ත්වයන්ද පහසුවෙන් ඇතිවීමේ හැකියාව පවතී.
විශේෂයෙන් ඔබට තුවාල සෑදුණු විට පැසවීමේ හැකියාව වැඩි නිසා සැරව සහිත තුවාලවලින් ගැලවීමට උනන්දු විය යුතුයි. එමෙන්ම සෙංගමාලය වැනි රෝග තත්ත්වයන්ද අවදානම් සහිත වෙයි.
විශේෂයෙන් වැඩිපුර එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමත් ගෝවා පිපිඤ්ඤා තියඹරා කොමඩු වැනි ජලය අධික එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමත් සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීමට වැදගත් වනු ඇත.
3,12,21,30 දිනවල උපන් ඔබගේ ලෙඩ රෝග හා සෞඛ්‍ය සම්බන්ධ විස්තර ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක