සුවඳ අම්මාගෙ වේන්නැති
විසිරි හිරිකඩ හිසට වැටෙකැයි අතින් වහගන ඉන්නැති
ඉරුණ රෙදි කඩ ගත ඔතාගෙන ඔබේ උණුසුම දෝතැති
වියළි දෙතනේ රුහිරු මුසු වු කිරෙන් තොල පොගවන්නැති
මලක පෙත්තක හැඩබලා ඔබ පුතා යයි සැන සෙන්නැති
කුසට නිසි අහරක් නොගත් මුත් මගේ කුස පුරවන්නැති
ගතට වැරහැලි ඇඳන් මා ගත සිනිඳු සළු අන්දන් නැති
රාජ කුමරුන් සිත දරාගෙන පුතුට සමකර ලන්නැති
“පියෙකු නැති මුත් පුතා මට ඇති සිනා සින සැනසෙන්නැති
සිතන සිතුමක් පතන පැතුමක් එයාකාරව වෙන්නැති
ලොවකි මෙය මා පුතෙකු ලෙස ඔබ පැතූ දේවල් වුන්නැති
ලොව දිනන්නට ගොසින් සිදුවු හරිය හරිහැටි දන්නැති
අතීතෙන් හමනා සුළගෙ මුසු සුවඳ අම්මගෙ වෙන්නැති
දීප්ත කරුණාරත්න
නපුරු අත්තම්මලා
සෙල්ලම් කරන විට සය හැවිරිදි දරුවා
අත්තම්මලාහට මෙය දැකුමට බැරුවා
දෑතින් අල්ලාගෙන ඇදගෙන ගිය සැටියා
ටී.වී. එකෙන් එය වැඩි පිරිසක් දුටුවා
අත්තම්මලාගේ මේ වැඩ බලාගෙන
අම්මා සිටී නිහඬව කට පියාගෙන
දරුවා කෑ ගසනවා දුක දරාගෙන
පැමිණෙයි පොලිසිය මෙතනට සොයාගෙන
දඟකාරකම් ඇතිමුත් පොඩි දරුවන්ගේ
ඇයි වැඩිහිටියො මේ විදියට හැසිරෙන්නේ
කිව්වට මෙහෙම මම නැහැ වරදක් වෙන්නේ
අරනායක පළාතෙයි මෙය සිදු වෙන්නේ
එම්. සී. විජයපාල – අමුණුගොඩ
පෙර මඟට
එදා මහ වැසි දවස
පුරහල කෙළවර දී
ඔබ ඇවිත් රිංගුවා
මගේ මල් කුඩේ යටට ම
නොහඳුන නා දුටුව ඔබ ගැන
බය හිතුණා හොඳටෝම
සීතලේ ගැහෙන හද තද කරන්
ඇරලුවා බස් නැවතුමට
මැරි මැරී උපදිනා
මේ සසර මඟ තුළ
ඔබ ආයෙමත් ඇවිත්
මල් කුඩේ යටට නොව
මගේ හදවත තුළට
අප හිඳින ලෝකය
මල් මල් ලොවක් නොව
නුහුරු හැමදේ ගළපාගෙන
අපි යමු ඉදිරි පෙරමඟට
කමලා ධර්මලතා ජයසූරිය
– පරගස්තොට
බිරිඳ
කන බොන අඳින පලඳින දේ සොයන්නේ
යන එන ගමන ගැන සෝදිසි කරන්නේ
ලෙඩ දුක සුව වෙන්න පැතුමන් පතන්නේ
ඔබ මට සොඳුරු බාධාවකි සිතෙන්නේ
ඇයි ? කෝ ? කොහොමද ? මොනවද ? පැන අහන්නේ
නිදි නම් අවදි වෙන තුරු කල් බලන්නේ
අතපය රිදෙන තැන්වල තෙල් ගාන්නේ
ඔබ මට සොඳුරු බාධාවකි සිතෙන්නේ
මිතුරන් හමුවෙන්න යනවද අහන්නේ
මත්පැන්වලට දැඩි වාරණ දමන්නේ
පොඩි දරුවෙකුට මෙන් රැකවල් යොදන්නේ
ඔබ මට සොඳුරු බාධාවකි සිතෙන්නේ
ගාමිණි චන්ද්‍රසේන – යටිවාවල
සිත්
දිලිසෙන දා,
රඟන
හිනැහෙන,
වැහැරෙන දා,
හඬන
වැළපෙන….
නීතිඥ කීර්ති කපුවත්ත
– රිදීගම
කවිය
සර සවි කුමරියගෙ සිත් විල සමඟ හැපී
සුර නා දෙව් ලියන් වුව සනසවන සිපී
තිර සර පෙමින් මා අසපුවෙ සිටිය හැපී
පර සතු මලකි ඔබ මට නදුනුයනෙ පිපී
ඇස ඇස ගැටෙන තැන නැති නිති ඇතිල්ලී
වස විස හැඳින දැන ගිය මඟ නොසෙල්ලී
වස වත් මරුත් දමනය කළ කිරිල්ලි
ගස ගස අතැර ගියෙ නැහැ නොවැ ඉගිළ්ලී
තනි නොතනියට ළඟ සිටි ආදර අවිය
මුනි පුදයට වුවත් පිපි මලකිය දිවිය
අනි යම් මඟක් ගිය නැති විහිදා සවිය
පැණි පිරි මී වදය ඇය මා ලද “කවිය”
කිවිපති, ඩබ්ලිව් කේ. සරත් විමලසිරි
දරා ගැනීම
තුරු වැල්
වදයි නව මල්
දිනෙක
ගිලිහෙන වග
දැන දැන ම
කේ. පී. එස්. සචින්ත්‍රා
– හෝමාගම
හිමි සමර
තස්සලාවක් වීය මෙනිවෙස
දිසාපාමොක් ඔබගේ රන්කඳ
කොහෙද අද ඒ බට නළා හඬ
එයත් වැලපෙයි දුකෙන් ඉකිබිඳ
මෙතෙක් දුර අප ආව ගමනේ
අතරමඟ ලොකු තිතක් වැටුණේ
නිවන් දක්නා ජාති දක්වා
දිනවන මේ දිගු සසර ගමනේ
ඔබනෙ රජිඳා ඔබනෙ ගිජිඳා, ඔබනෙ පණිඳා
මහඳ අරණේ
සීලවතී මැණිකේ පියසේන
බංගලාවක තනි වුණු අම්මා
මටත් හිටියා දුවෙක්
එයා නම් දෙව් දුවක්
මාව අම්මා කෙනෙක්
කරපු ඇය පින් කඳක්
දිනන්නට මුළු ලොවක්
ඈට තිබු හීනයක්
අද බැලුවොතින් වරක්
හැබෑ වුණු හීනයක්
බංගලාවේ ඉඩක්
මටත් ලැබුමත් පිනක්
ඒත් ඇගෙ හිතෙ ඉඩක්
මට හිමිද ප්‍රශ්නයක්
කවන්නට බත් කටක්
තරම් බැරි වැඩ ගොඩක්
මාව නොවුණත් මතක්
තාම නුඹ දෙව් දුවක්
අමීරා හමීඩ් – කොටිකාවත්ත