Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

සුවඳ අම්මාගෙ වේන්නැති

විසිරි හිරි­කඩ හිසට වැටෙ­කැයි අතින් වහ­ගන ඉන්නැති
ඉරුණ රෙදි කඩ ගත ඔතා­ගෙන ඔබේ උණු­සුම දෝතැති
වියළි දෙතනේ රුහිරු මුසු වු කිරෙන් තොල පොග­ව­න්නැති
මලක පෙත්තක හැඩ­බලා ඔබ පුතා යයි සැන සෙන්නැති
කුසට නිසි අහ­රක් නොගත් මුත් මගේ කුස පුර­ව­න්නැති
ගතට වැර­හැලි ඇඳන් මා ගත සිනිඳු සළු අන්දන් නැති
රාජ කුම­රුන් සිත දරා­ගෙන පුතුට සම­කර ලන්නැති
“පියෙකු නැති මුත් පුතා මට ඇති සිනා සින සැන­සෙ­න්නැති
සිතන සිතු­මක් පතන පැතු­මක් එයා­කා­රව වෙන්නැති
ලොවකි මෙය මා පුතෙකු ලෙස ඔබ පැතූ දේවල් වුන්නැති
ලොව දින­න්නට ගොසින් සිදුවු හරිය හරි­හැටි දන්නැති
අතී­තෙන් හමනා සුළගෙ මුසු සුවඳ අම්මගෙ වෙන්නැති

දීප්ත කරු­ණා­රත්න


නපුරු අත්ත­ම්මලා

සෙල්ලම් කරන විට සය හැවි­රිදි දරුවා
අත්ත­ම්ම­ලා­හට මෙය දැකු­මට බැරුවා
දෑතින් අල්ලා­ගෙන ඇද­ගෙන ගිය සැටියා
ටී.වී. එකෙන් එය වැඩි පිරි­සක් දුටුවා
අත්ත­ම්ම­ලාගේ මේ වැඩ බලා­ගෙන
අම්මා සිටී නිහ­ඬව කට පියා­ගෙන
දරුවා කෑ ගස­නවා දුක දරා­ගෙන
පැමි­ණෙයි පොලි­සිය මෙත­නට සොයා­ගෙන
දඟ­කා­ර­කම් ඇති­මුත් පොඩි දරු­වන්ගේ
ඇයි වැඩි­හි­ටියො මේ විදි­යට හැසි­රෙන්නේ
කිව්වට මෙහෙම මම නැහැ වර­දක් වෙන්නේ
අර­නා­යක පළා­තෙයි මෙය සිදු වෙන්නේ

එම්. සී. විජ­ය­පාල – අමු­ණු­ගොඩ


පෙර මඟට

එදා මහ වැසි දවස
පුර­හල කෙළ­වර දී
ඔබ ඇවිත් රිංගුවා
මගේ මල් කුඩේ යටට ම
නොහ­ඳුන නා දුටුව ඔබ ගැන
බය හිතුණා හොඳ­ටෝම
සීතලේ ගැහෙන හද තද කරන්
ඇර­ලුවා බස් නැව­තු­මට
මැරි මැරී උප­දිනා
මේ සසර මඟ තුළ
ඔබ ආයෙ­මත් ඇවිත්
මල් කුඩේ යටට නොව
මගේ හද­වත තුළට
අප හිඳින ලෝකය
මල් මල් ලොවක් නොව
නුහුරු හැමදේ ගළ­පා­ගෙන
අපි යමු ඉදිරි පෙර­ම­ඟට

කමලා ධර්ම­ලතා ජය­සූ­රිය
– පර­ග­ස්තොට


බිරිඳ

කන බොන අඳින පල­ඳින දේ සොයන්නේ
යන එන ගමන ගැන සෝදිසි කරන්නේ
ලෙඩ දුක සුව වෙන්න පැතු­මන් පතන්නේ
ඔබ මට සොඳුරු බාධා­වකි සිතෙන්නේ
ඇයි ? කෝ ? කොහො­මද ? මොන­වද ? පැන අහන්නේ
නිදි නම් අවදි වෙන තුරු කල් බලන්නේ
අත­පය රිදෙන තැන්වල තෙල් ගාන්නේ
ඔබ මට සොඳුරු බාධා­වකි සිතෙන්නේ
මිතු­රන් හමු­වෙන්න යන­වද අහන්නේ
මත්පැන්වලට දැඩි වාරණ දමන්නේ
පොඩි දරු­වෙ­කුට මෙන් රැක­වල් යොදන්නේ
ඔබ මට සොඳුරු බාධා­වකි සිතෙන්නේ

ගාමිණි චන්ද්‍ර­සේන – යටි­වා­වල


සිත්

දිලි­සෙන දා,
රඟන
හිනැ­හෙන,
වැහැ­රෙන දා,
හඬන
වැළ­පෙන….

නීතිඥ කීර්ති කපු­වත්ත
– රිදී­ගම


කවිය

සර සවි කුම­රි­යගෙ සිත් විල සමඟ හැපී
සුර නා දෙව් ලියන් වුව සන­ස­වන සිපී
තිර සර පෙමින් මා අස­පුවෙ සිටිය හැපී
පර සතු මලකි ඔබ මට නදු­නු­යනෙ පිපී
ඇස ඇස ගැටෙන තැන නැති නිති ඇතිල්ලී
වස විස හැඳින දැන ගිය මඟ නොසෙල්ලී
වස වත් මරුත් දම­නය කළ කිරිල්ලි
ගස ගස අතැර ගියෙ නැහැ නොවැ ඉගිළ්ලී
තනි නොත­නි­යට ළඟ සිටි ආදර අවිය
මුනි පුද­යට වුවත් පිපි මල­කිය දිවිය
අනි යම් මඟක් ගිය නැති විහිදා සවිය
පැණි පිරි මී වදය ඇය මා ලද “කවිය”

කිවි­පති, ඩබ්ලිව් කේ. සරත් විම­ල­සිරි


දරා ගැනීම

තුරු වැල්
වදයි නව මල්
දිනෙක
ගිලි­හෙන වග
දැන දැන ම

කේ. පී. එස්. සචින්ත්‍රා
– හෝමා­ගම


හිමි සමර

තස්ස­ලා­වක් වීය මෙනි­වෙස
දිසා­පා­මොක් ඔබගේ රන්කඳ
කොහෙද අද ඒ බට නළා හඬ
එයත් වැල­පෙයි දුකෙන් ඉකි­බිඳ
මෙතෙක් දුර අප ආව ගමනේ
අත­ර­මඟ ලොකු තිතක් වැටුණේ
නිවන් දක්නා ජාති දක්වා
දින­වන මේ දිගු සසර ගමනේ
ඔබනෙ රජිඳා ඔබනෙ ගිජිඳා, ඔබනෙ පණිඳා
මහඳ අරණේ

සීල­වතී මැණිකේ පිය­සේන


බංග­ලා­වක තනි වුණු අම්මා

මටත් හිටියා දුවෙක්
එයා නම් දෙව් දුවක්
මාව අම්මා කෙනෙක්
කරපු ඇය පින් කඳක්
දින­න්නට මුළු ලොවක්
ඈට තිබු හීන­යක්
අද බැලු­වො­තින් වරක්
හැබෑ වුණු හීන­යක්
බංග­ලාවේ ඉඩක්
මටත් ලැබු­මත් පිනක්
ඒත් ඇගෙ හිතෙ ඉඩක්
මට හිමිද ප්‍රශ්න­යක්
කව­න්නට බත් කටක්
තරම් බැරි වැඩ ගොඩක්
මාව නොවු­ණත් මතක්
තාම නුඹ දෙව් දුවක්

අමීරා හමීඩ් – කොටි­කා­වත්ත

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division