610
යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරි බලකොටුවේ සිංහපාදය අසල ජල සම්පාදන පද්ධතිය විවෘත කිරීම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් සිදු කළ අවස්ථාව. ඉන්දීය රජය ඉදිරි වසර පහ තුළ මෙහි නඩත්තු පිරිවැය දරනු ඇත. මෙම ජල සම්පාදන පද්ධතිය සීගිරිය නැරඹීමට ලොව පැමිණෙන සංචාරකයන්ගේ පිපාසය සංසිඳුවාලනු ඇත.