දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, අෙමරිකානු තානාපතිනි ජුලි චන්ග් සහ සාගර හා ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු කාර්යාංශයේ වැඩබලන සහකාර ලේකම් ජෙනිෆර් ලිට්ල්ජෝන් යන මහත්ම මහත්මීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
දේශපාලන අභියෝග සහ ශ්‍රී ලංකාවේ පාරිසරික ප්රතිපත්තිවල වැදගත්කම මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු වූ ප්‍රධාන කරුණු අතර විය. දේශගුණික විපර්යාස පනත සහ පාරිසරික පනත හඳුන්වාදීම ඇතුළු දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම මෙහිදී සාකච්ඡාවට ගැනිණි.
තවද අෙමරිකානු ආසියානු හවුල්කාරිත්වය ආශ්රිත කටයුතු පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරුණු අතර ඉදිරියටද ඒ සඳහා අවශ්‍ය සහාය ඉල්ලා සිටින ලදී.
එක්සත් ජනපද තානාපතිවරිය වත්මන් දේශපාලන තත්ත්වය, ආහාර අනාරක්ෂිතභාවය සහ දේශගුණික ගැටලුවල තීරණාත්මක ස්වභාවය වැඩිදුරටත් අවධාරණය කළාය. ධනාත්මක ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් දේශගුණික විපර්යාස කෙරෙහි අවධානය යොමුකරන තරුණ තරුණියන්ගේ සහභාගිත්වයේ වැදගත්කම පිළිබඳවද ඇය කරුණු පැහැදිලි කළාය.
ජනිෆර් ලිටිල්ජෝන් මහත්මිය විසින් හැසිරීම් රටා වෙත බලපැම් කිරීම සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ඵලදායී පණිවිඩ යැවීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. ශ්‍රී ලංකාව, දේශගුණය ආශ්රිත සිදුවීම්වලට ප්‍රමුඛත්වය දීම, වාතාශ්රයේ ගුණාත්මකභාවය, ජෛව විවිධත්වය සහ ප්ලාස්ටික් දුෂණය සම්බන්ධ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද ඇය මෙහිදී සාකච්ඡා කළාය. විද්‍යුත් වාහන (EVs) ප්‍රවර්ධනය කිරීම යන ජෛව පාරදෘශ්‍යතා වාර්තා හරහා පැරිස් ගිවිසුමට අනුකූල වීම පිළිබඳවද ඇය කරුණු පැහැදිලි කළාය.
පරිසර දේශගුණික විපර්යාස සහ හරිත මූල්‍ය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි විය.