ජනතාවගේ අවසන් කටයුතු සිදු කිරීමේදී කැමති අයට භූමදානය කිරීමටත්, කැමති අයට ආදාහනය කිරීමට හෝ ශරීරය වෛද්‍ය පීඨයට භාර දීමටත් හැකියාව ලැබෙන පරිදි නව නීති ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊට අදාළ කෙටුම්පත ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ගැසට් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය. මඩකලපුව, එරාවුර් අහමඩ් ෆරීද් ක්‍රීඩාංගණයේ දී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලියට එක්වෙමින් ඔහු එසේ පැවසීය. එමෙන්ම ආදාහනය කිරීමේ අගතියට පත්ව අපහසුතාවන්ට මුහුණදුන් පාර්ශ්වයන්ට වන්දි ගෙවීමටද කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
‘‘වසර දෙකකට පෙර ආහාර නැතිව, ගොවිතැන් කිරීමට පොහොර නැතිව සිටි බව මෙහිදී සඳහන් කෙරුණා.
එය සත්‍යයක්.
ගොවිතැන් කිරීමට පොහොර තිබුණේ නැහැ. ආහාර, ඖෂධ තිබුණේ නැහැ. ජනතාව ජීවත්වුණේ අසීරුවෙන්. මම 2022ජූලි මාසයේ දී ආණ්ඩුව භාරගෙන මුලින්ම කටයුතු කළේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමටයි.
මෙහිදී 2022, 2023 යල, මහ කන්න සාර්ථක වුණා. ඒ වගේම 2024 මහ කන්නය සාර්ථක වුණා. 2024, 2025 මහ කන්නයද සාර්ථක වන බව අද මෙම ප්‍රදේශවලට පැමිණෙන විට දක්නට ලැබෙනවා. මේ ආකාරයට කුඹුරත්, කුස්සියත් පිරවීමට අප කටයුතු කළා.