Home » දුම්රිය මගීන්ට ඩිජිටල් ටිකට්පත්

දුම්රිය මගීන්ට ඩිජිටල් ටිකට්පත්

by Mahesh Lakehouse
August 24, 2024 12:38 am 0 comment

දුම්රිය ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි ” pravesha” වෙබ් අඩවිය හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කටයුතු කර ඇති අතර ඒ අනුව දුම්රිය මගීන්ට දැන් www.pravesha.lk වෙබ් අඩවිය මඟින් අන්තර්ජාලය ඔස්සේ ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත හැකිය. ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 2 වන හා 3 වන පන්තියේ ප්‍රවේශපත්‍ර ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මඟින් මිල දී ගත හැකි අතර sms පණිවිඩයක් මඟින් හෝ ඊමේල් පණිවිඩයකින් ජංගම දුරකතනය වෙත ප්‍රවේශපතේ QR කේතයක් ලැබෙනු ඇත.

එම QR කේතය මඟින් අදාළ දිනය තුළ පමණක් මගියාට ගමන්පකල හැකිය. ආසන වෙන් කිරීමේ පහසුකම් මේ හරහා තවමත් ලබා දී නොමැති නමුත් ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට දින හතකට පෙර සිට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඩිජිටල් ප්‍රවේශපත්‍ර ලබාගත හැක.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division