877
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක පක්ෂ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් 25 ඉරිදා ප.ව. 2.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.
ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ අනෙකුත් පක්ෂවලටද මේ සඳහා ආරාධනා කර තිබේ.
ශ්රී ලංකාවේ අනාගතය සඳහා එක්සත් ජාතික පක්ෂයේ දායකත්වය පිළිබඳ යෝජනා කිහිපයක් සහ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජය තහවුරු කරන බවට සහතිකවීමේ යෝජනාවක් ද එහිදී සම්මත කර ගැනීමට නියමිතය.