Home » ජල ගාස්තු අඩුවෙයි

ජල ගාස්තු අඩුවෙයි

by Mahesh Lakehouse
August 24, 2024 12:36 am 0 comment

අගෝස්තු මස 21 වනදා සිට බලපවත්වන පරිදි ජල ගාස්තු සංශෝධනය කර ඇති බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහිදී මිල සූත්‍රයක් මත පදනම්ව ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු 7%කින්ද, රජයේ රෝහල්වල ජල ගාස්තු 4.5%කින්ද, විහාරස්ථාන සහ ආගමික ස්ථානවල 6.3%කින්ද ජල ගාස්තු අඩු කර ඇත.

මෙම ගාස්තු අඩු කිරීමේදී සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය සලකා බැලෙන අතර, රජයේ පාසල් සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් කාණ්ඩයන් වෙයි.

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 5 දක්වා ගාස්තුව ඒකකයක් රුපියල් 60 සිට 50 දක්වා රුපියල් 10කින් අඩුකර ඇති අතර, ඒකක 76ත් 100ත් අතර ඒකකයක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 270 සිට 250 දක්වා රුපියල් 20කින් අඩු කර තිබේ.

රජයේ පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යටතේ සියලු ඒකකයක් සඳහා අය කළ රුපියල් 60ක ගාස්තුව රුපියල් 5කින් අඩු කර ඇත ඒ අනුව ඒකකයක් සඳහා නව ගාස්තුව රුපියල් 55කි.

ඒකකයක් රුපියල් 100ක්ව පැවති රජයේ රෝහල් සඳහා භාවිත කරන ජල ඒකකයක් රුපියල් 95ක් දක්වා රුපියල් 5කින් අඩුකිරීමට කටයුතු කර තිබේ.

ජල ගාස්තු අඩු කිරීමේදී මාසික සේවා ගාස්තුව අඩු කර නොමැති බවද ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division