Home » ව්‍යවසායකයන්ට මුල්තැන දෙන යුගයක් බිහි කරනවා

ව්‍යවසායකයන්ට මුල්තැන දෙන යුගයක් බිහි කරනවා

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by Mahesh Lakehouse
August 24, 2024 12:33 am 0 comment

ව්‍යවසායකත්වයට මුල්තැන දෙමින් ජන ජීවිත නඟාසිටුවන යුගයක් ඉදිරියේදී උදාකරන බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහිදී වැඩිහිටි පරපුරට ඉතිරි කිරීම්වලට සියයට 15ක ඉතිරි කිරිමේ පොලිය සමගි ජන සන්ධාන රජයක් තුළ ලබා දීමට කටයුතු කරන බවද ඔහු කීවේය.

රටේ බහුතරයක් ජනතාව මේ වන විට ජීවත් වීමේ අරගලයක මුහුණ දී ඇති බවත් තමා ජනාධිපති වූ පසු යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සැමට සෞභාග්‍යය ගෙන එන මාතෘ භූමියක් උදා කරන බව විපක්ෂ නායකවරයා පැවසීය.

‘‘ දේශපාලනයේ ඔළු ගෙඩි හුවමාරුව සිද්ධ වෙනවා. වරදාන වරප්‍රසාදවලට තමන්ගේ ආත්මය පාවා දෙන පහළ දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක වන මොහොතක අපි ගත්ත තීන්දුව ගැන අපි කණ්ඩායමක් ලෙස ආඩම්බර වෙනවා‘‘

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division