628
සියලු ආගම් භාෂා සහ ජනතාව ආරක්ෂා කරන රටක් බිහි කිරීමට කටයුතු කරන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසයි. කෙටිකාලීන වරප්රදාස, වරදාන හා තනතුරු වෙනුවෙන් රටත් පක්ෂයත් කිසිදා පවා නොදෙන බව පවසන මන්ත්රීවරයා
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ප්රමුඛ රජයක් යටතේ පළාත්වලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීම සිදු නොකරන බව ද පැවැසීය.
උතුරු නැඟෙනහිර ජනතාවට බොරු පොරොන්දු ලබා නොදෙන බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා කළ හැකි දේ කළ හැකි යැයි පවසන බවත් කළ නොහැකි දේ කළ නොහැකි බවට සෘජුව පවසන බවත් හෙතෙම කීවේය.