673
මන්ත්රීවරුන් මුදලට විකිණෙන මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ‘‘අපේ රටේ දේශපාලන සංස්කෘතිය අතිශයින් පිරිහීමකට පත් වී තිබෙනවා. අද මැති ඇමැතිවරු එහාට මෙහාට වෙන්නෙ කීයක් හම්බ වෙනවාද කියලා සමහරු ඒ පැත්තට පනිනවා.
අනෙක් අය පනින්න නොවෙයි ඉන්නත් සල්ලි ගන්නවා, නැතිනම් යනවා කියල. මේ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා, නව පුනරුදයේ දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුයි.