පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරියෙකු සිය මෝටර් රථයට හප්පා අනතුරකට ලක් කිරීමට තැත් කළ , මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනාවට ලක් වී සිටින නදීම් බාෂික් අලි නැමැති 23 හැවිරිදි තරුණයා ඊයේ (27) රාත්‍රී ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් නදීම් බාෂික් අලි මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා පිළිබඳ විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ අයෙකු වන අතර , ඔහු එම තහනම් අධිකරණය මගින් තාවකාලිකව ඉවත් කර ගෙන තිබුණි .
එහෙත් මීට මාස දෙකකට පමණ පෙර පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් වැල්ලවත්ත ප්‍රදේශයේ දී මොහු ගමන් කරමින් තිබූ මෝටර් රථය නැවැත්වීමට තැත් කිරීමේ දී , එම නිලධාරීන් සිය මෝටර් රථයෙන් අනතුරට ලක් කර පළා ගොස් තිබූ අතර ඒ පිළිබඳ වැල්ලවත්ත පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර මොහුට එරෙහිව යළි ගුවන් ගමන් තහනමක් පනවා තිබූ අතර නදීම් බාෂික් අලි මේ පිළිබඳ විමර්ශන කටයුතු සදහා වැල්ලවත්ත පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකි
නදීම් බාෂික් අලි ගේ පියා වන බාෂික් අලි ද ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනා ලැබූ අයෙකු බව පොලිසිය අනාවරණය කර ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් නදීම් බාසික් අලි අද අලුයම 12.45 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .