බොරැල්ල සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ 90 වැනි සංවත්සරයට සමගාමිව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 8 ඉරු දින දවස පුරා බේස්ලයින් පාරේ දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ සිව් වැනි වරටය. විසිරී සිටින ආදි සිසුන් පාසලේ අභිවෘද්ධිය පිණිස ඒකරාශි කරගැනීම අරමුණු කරගෙන සංවිධානය කරනු ලබන මේ තරගාවලියට කණ්ඩායම් 20කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට නියමිතය.
රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිල වෙබ් අඩවිය සහ සාමාජික කළමනාකරණ පද්ධතිය ජනගත කෙරේ
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිල වෙබ් අඩවිය සහ සාමාජික කළමනාකරණ පද්ධතිය (membership management portal ) එළිදැක්වීම පසුගිය 25 වන ඉරිදා දින එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවත්විණි. Sensus hub ආයතනය මඟින් නිර්මාණය කර ඇති මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්, විද්‍යාලයේ සිසුන්, sensus hub ආයතනය වෙනුවෙන් රිච්මන්ඩ් විද්‍යාලයේ 85 කණ්ඩායමේ ආදි සිසුන් වන එහි සභාපති තිලක් වනිගසේකර, කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත කාරියවසම්, ප්‍රධාන විධායක නිලධාරී මිශාන් අමරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය. මෙම වෙබ් අඩවිය හරහා ලොව පුරා විසිරී සිටින සියලුම ආදි සිසුන්ට online ක්‍රමයට සාමාජිකත්වය (E-membership)ලබා ගැනීම සහ එමඟින් පාසල් පද්ධතියේ උන්නතියට දායක වීමට ද අවස්ථාව සැලසේ.
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ 92 වැනි වාර්ෂික මහා සභා රැස්වීම සැප්තැම්බර් 28 වැනිදා ප.ව. 5.00ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.
එදින ප.ව. 4.00ට විද්‍යාලයීය දේවස්ථානයේ දී පැවැත්වෙන දිව්‍ය පූජාවෙන් අනතුරුව පැවැත්වෙන මහා සභා රැස්වීම සඳහා නිලධර තනතුරු සහ කාරක සභාව සඳහා නාමයෝජනා පත්‍ර භාරදීම සැප්තැම්බර් 14 වැනිදා හෝ ඊට පෙර ලිඛිතව හෝ මාර්ගගතව සිදුකළ හැකිය. www.sebsoba.com ට වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ නාමයෝජනා පෝරමය ලබාගත හැකි අතර රැස්වීමේ සියලු විස්තර ලබාගත හැකිය.