1K
IM Japan වැඩසටහන යටතේ මේ වන විට ශ්රී ලාංකිකයින් 500ට ආසන්න ප්රමාණයකට ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව හිමිවී ඇති අතර, තවත් පුහුණුලාභීන් 100ට ආසන්න ප්රමාණයක් ජපානයට යාමට සුදුසුකම් ලබා පෙර විගමණික පුහුණුව ලබමින් සිටිති.
මේ වන විට IM Japan ආයතන මඟින් ශ්රී ලාංකිකයින්ට ජපානයේ ඉදිකිරීම්, සාත්තු සේවා, නිෂ්පාදන, මෝටර් රථ කාර්මික ශිල්පී හා ඇසුරුම් සේවා වැනි ක්ෂේත්රවල රැකියා අවස්ථා ලබාදෙන අතර, ඊට අමතරව කෘෂිකාර්මික, නවාතැන් සේවා, ගොඩනැගිලි පිරිසිදු කිරීම් යන ක්ෂේත්රවල වැඩි රැකියා අවස්ථා ලාංකික තරුණ ප්රජාව වෙත ලබාදීමට ජපාන නියෝජිතයින් එකඟතාවය පළකර තිබේ.