760
මේ වසරේ පළමු මාස 8ක කාලය තුළදී (ජනවාරි 1 සිට අගෝස්තු 25 දක්වා) සංචාරකයන් 13,41,681ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව දිනකට සංචාරකයන් 5800කට ආසන්න පිරිසක් පැමිණ ඇති බව එම අධිකාරිය පෙන්වා දෙයි.
එයින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ මාර්තු මාසයේ වන අතර එම සංඛ්‍යාව 209,181කි. වැඩිම සංචාරකයන් පැමිණි රටවල් අතර පළමු ස්ථාන අතර ඇත්තේ ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය හා චීනයයි.
එමෙන්ම පසුගිය වසර පුරාම පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 14,87,303කි.