ඉන්දීය ජනරජයේ අග්රාමාත්යතුමාගේ ජාතික ආරක්ෂක උපදේශක කීර්ති චක්ර අජිත් දොවාල් මහතා කොළඹ ආරක්ෂක පර්ෂදයේ ආරම්භක ලේඛන අත්සන් තැබීම සඳහා පසුගියදා කොළඹට පැමිණියේය. ලේඛන අත්සන් තැබීමෙන් පසුව ඔහු දෙරට නියෝජිත පිරිස සමඟ සේයාරුවකට පෙනී සිටි අවස්ථාව.
කීර්ති චක්ර අජිත් දොවාල් මහතා සිය ශ්රී ලංකා සංචාරය අතරතුර ශ්රී ලංකා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ශ්රී ලංකා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාද හමු විය. එසේම එතුමා ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා සහ මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක ඉබ්රාහිම් ලතීෆ් මහතා කොළඹ ආරක්ෂක පර්ෂදයේ සාමාජික රටවල ජාතික ආරක්ෂක උපදේශකවරු හමු විය.