පසුගිය 30 වෙනිදා කොළඹ 07 බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවැති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණයේදී සභාපති ලෙස මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේත් ලේඛකාධිකාරි ලෙස පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේත් තේරී පත්වූහ.
තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් වාරියපොළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති සහ කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය උසුලන අතර මුගුණුවෙල අනුරුද්ධ නාහිමියන් උකුවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති ධුරයද මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී ධුරයද හොබවති. උන්වහන්සේ ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් ධුරයද හොබවති.