ජනතා අපේක්ෂා ඉටු කරන්නට ආණ්ඩුවට හැකි වී නැතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි. අනුර කුමාර මහතා ඒ බව පැවසුවේ තිස්සමහාරාමයේ පැවැති ජන රැලියක් අමතමිනි.
‘‘රටේ දුඟී ජනතාවට බේත් ටික දෙන්න ආණ්ඩුවට පුඵවන්කමක් ලැබිල නැහැ, ගම්වල පාරවල් බෝක්කු ටික හදන්න. ආණ්ඩුවට පුළුවන්කමක් ලැබිල නැහැ, පාසල්වලට පහසුකම් ටික දෙන්න, ආණ්ඩුවට බැරි වෙලා.
රටේ ජනතාවගෙන් 68%කට තුන්වේල කන්නේ නැහැ, සමහරු එක වේලයි කන්නෙ, ජනතාව ඒ තරම් දුප්පත්. මඟුල් දවසේ දාපු මුද්දවත් අපේ පවුල්වල නැහැ. ජනතාව දුප්පත් වුණත් පාලකයන්ට ඒ ගැන වගේ වගක් නැහැ. හැමදාම මේ දේශපාලනයේ තිබුණෙ ඒ අය පොහොසත් වීම විතරයි. බිත්තර, මිරිස් පවා ඉන්දියාවෙන් ගේනවා නම් අපේ නිෂ්පාදන ගැන එතනින්ම පේනවා‘‘
රසික කොටුදුරගේ