කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බවත් ආණ්ඩුව ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්තිය ව්‍යාපාරිකයන්ට පීඩා ගෙන දෙන්නක් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
නාමල් රාජපක්ෂ මහතා ඒ බව පැවසුවේ කුරුණෑගල, මාවතගම සතිපොළ ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවකදීය.
‘‘අද නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා, විදුලි බිල, ප්‍රවාහනය යන සියලුම කාරණා එක්ක අසීමිත, අසාධාරණ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. මේ රටේ ජනතාවට දරාගත හැකි බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන කාරණාව ගැන ආණ්ඩුව අවධානය යොමු කර නැහැ.
ජනතාවට දරාගන්න බැරි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා කියලා රාජ්‍ය භාණ්ඩාගාරයේ ආදායම් වැඩි වෙන්නෙත් නෑ. රටේ ජනතාවට සාධාරණයක් වෙන්නෙත් නෑ.
සමහර දේශපාලනඥයන් හිතනවා රටින් ගෙනල්ලා කන්න දෙන එක ලාභයි කියලා. ඒ වගේ ප්‍රතිපත්ති තමයි මේ දේශපාලකයන් ඉස්මතු කරන්නෙ‘‘.
රසික කොටුදුරගේ