Home » පොහොසත් රටක් ලස්සන ජීවිතයක්

පොහොසත් රටක් ලස්සන ජීවිතයක්

ජාතික ජන බලවේගයේ මූලික ප්‍රතිපත්ති රාමුවෙන්

by Mahesh Lakehouse
August 31, 2024 12:30 am 0 comment

– ආහාර සුරක්ෂිතව, ආරක්ෂිතව අඩු මිලකට
– නිෂ්පාදනයේ ගුණාත්මකතාව ඉහළ නැංවීම මඟින් සෞඛ්‍ය ආරක්ෂිතතාව

නවීන කෘෂිකර්මාන්තයක්

• රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය

• නව සංවර්ධන බැංකුවක් මඟින් ගොවි ජනතාවට ඇප රහිත වගා ණය හා කෘෂි ව්‍යවසායකයන් 50,000ක් බිහි කිරීමට මූල්‍ය පහසුකම්

• අලි, රිළා, වඳුරු, මොනරු ඇතුළු වනසතුන්ගෙන් ගොවි ජනතාවට වන හානි වැළැක්වීමට විද්‍යාත්මක විසඳුම්

• සෑම ගොවිජන සේවා බලප්‍රදේශයකම කෘෂි යන්ත්‍රෝපකරණ කුලී පදනමින් ලබාදෙන කෘෂි සේවා සැපයුම් මධ්‍යමස්ථාන

• කෘෂි අපනයන ගම්මාන 1000ක්

• ගල්ඔය, රාජාංගණය, මින්නේරිය ආදී මහා වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය

• යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලට අනුව රසායනික කාබනික පොහොර ඇතුළු කෘෂි යෙදවුම් සඳහා සහනාධාර

• විද්‍යානුකූලව සැකසූ තිරසර ඉඩම් පරිහරණ සැලැස්මක්

ධීවර නවෝදයක්

• නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැවීමට රාජ්‍ය මැදිහත්වීමෙන් කුඩා ධීවරයන්ට මූල්‍ය හා තාක්ෂණික සහාය

• අඩාළ වී ඇති ධීවර කර්මාන්තය නඟාසිටුවීමට ඉන්ධන සහනාධාර

• මත්ස්‍ය බිම් පුරෝකථනය හා පසු අස්වනු නාස්තිය අවම කිරීමට නවීන තාක්ෂණය මඟින් නිෂ්පාදන ඵලදායිතාව ඉහළට

• වගා පාදක ධීවර කර්මාන්තයෙන් උපරිම නිෂ්පාදිත ධාරිතාව කරා.

• ඉස්සන්, මුහුදු කූඩැල්ලන්, කකුළුවන්, ජලජ පැළෑටි හා විසිතුරු මසුන් නිෂ්පානය ඉහළ නැංවීමට මූල්‍ය හා තාක්ෂණික සහාය

සත්ත්ව පාලනයේ ඉදිරි පියවරක්

• රාජ්‍ය මෙහෙය වීමෙන් ඉහළ ගුණත්වයකින් යුත් මව් සතුන් සහ පැටවුන්

• සත්ත්ව ආහාර, ඖෂධ, අතිරේක ආහාර හා වෙනත් යෙදවුම් සාධාරණ මිලකට

• නිෂ්පාදන අලෙවිය හා බෙදාහැරීම සඳහා පෞද්ගලික හා සමුපකාර වෙළඳ ජාලයක්

• සුළු පරිමාණ ගොවි ඒකක මධ්‍ය මට්ටමේ වාණිජ ඒකක බවට පරිවර්තනය කර ගැනීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය

• කාන්තාවන් සහ තරුණ ව්‍යවසායකයන්ගේ සත්ව නිෂ්පාදන ගොවිපළ 20,000ක්

ගුණාත්මක අධ්‍යාපනයක්  

• අධ්‍යාපනය රජයේ වගකීමක්

• අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් ක්‍රමිකව

• සෑම දරුවකුටම නිවෙසේ සිට කි.මී. 03ක් ඇතුළත අංග සම්පූර්ණ පාසලක්

• 10 වසරේ සිට වෘත්තීය අධ්‍යාපනය තෝරා ගැනීමට අවස්ථාව

• ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව කඩිනමින් ඉවතට

• ගුරු වෘත්තිය, ලංකාවේ ඉහළම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට

• මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනාව ජීවන වියදමට සරිලන ලෙස ඉහළට

• වෘත්තීය අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයීය පද්ධතියක්

• ලෝකයේ ඉහළ ශ්‍රේණිගත විශ්වවිද්‍යාලවල උපාධි සඳහා වසරකට ශිෂ්‍යත්ව 200ක්

දරුවන්ට ඉහළ රැකවරණයක්

• අවදානමට ලක්ව සිටින දරුවන්ට පවුල පදනම් කරගත් රැකවරණයක්

• සියලු ළමුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක්

• ළමුන්ගේ මානසික හා සෞඛ්‍ය ගැටලු විසඳීමට පාසල් හා ප්‍රජා මූලික වැඩසටහන්

සතුටින් පිරුණු තාරුණ්‍යයක්

• උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණුව සහ තාක්ෂණික අධ්‍යාපනය

• සංවර්ධන බැංකුව හරහා තරුණ ව්‍යවසායකයන් 10,000කට මූල්‍ය පහසුකම්

නීරෝගි දැයක්

• ඖෂධ ආනයනයේදී හා බෙදා හැරීමේදී සිදුවන දූෂණ හා වංචා මුළුමනින්ම ඉවතට

• සෞඛ්‍ය වෘත්තීයවේදීන් රට හැරයාමට හේතු වී තිබෙන ගැටලු ඉවතට

• වයස අවුරුදු 60 ට වැඩි සියලු වැඩිහිටියන්ට වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ

• සෞඛ්‍ය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%ක්

• අත්‍යවශ්‍ය මූලික රසායනාගාර පහසුකම් සහ හිඟයකින් තොරව ඖෂධ

• බෝ නොවන රෝග කල් තබා හඳුනා ගෙන, පාලනය හා ප්‍රතිකාර සඳහා යන්ත්‍රණයක්

• රෝහල්වලට ඇතුළත් කරන සියලුම රෝගීන් සඳහා ඇඳන්

• පුද්ගලයන් 5000කට පවුලේ වෛද්‍යවරයකුගේ සේවය සහතික කරන ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක්

• සෞඛ්‍ය සේවයේ ඵලදායිතාව ඉහළ නැංවීමට විධිමත් ජාතික සෞඛ්‍ය තොරතුරු පද්ධතියක්

රාජ්‍ය සේවය නංවාලීම

• 21 වැනි සියවස සඳහා ඩිජිටල් ශ්‍රී ලංකාවක්

• පාස්පෝට් පෝලිම අවසන්

සවිමත් සමාජ ආරක්ෂණයක්

• අඩු ආදායම්ලාභී පවුලක් සඳහා මාසික දීමනාව රු.10,000 සිට ඉහළට

• ආදායම් උත්පාදන වැඩසටහන් මඟින් අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීම

• විධිමත් හා අවිධිමත් අංශයේ සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුප් ක්‍රමයක්

• ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් විශ්‍රාම දිවියක්

• අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිනි මව්වරුන්ට පෝෂ්‍යදායි ආහාර පැකේජයක් සඳහා මුල්‍යාධාර

• ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වැඩිහිටි සත්කාර හා ළමා සුරැකුම් මධ්‍යස්ථාන

ආබාධ සහිත ප්‍රජාවට රැකවරණයක්

• අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුද්ගලයන් සඳහා මාසික දීමනාව රුපියල් 10,000 දක්වා ඉහළට

• සවිබලගැන්වීම සඳහා අධ්‍යාපන, පුහුණු සහ ජීවනෝපාය සංවර්ධන අවස්ථා

• ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශතා පහසුකම් සහ අවස්ථා පිළිගනිමින් එම අයිතීන් පිළිබඳ නීති බල ගැන්වීම

• ආබාධ සහිත පුද්ගලයන්ට රැකියාවලින් 3%ක් ලබාදීම බලාත්මක කර, එම කෝටාව ක්‍රමානුකූලව ඉහළ දැමීම

සවිමත් ගැහැනියක්

• ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව සිදුකර ඇති සියලුම විෂමතාවන් අහෝසියි

• ග්‍රාමීය ස්ත්‍රීන් මුහුණ දී සිටින අයුක්තිසහගත ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් නිදහස් කිරීමට පියවර

• ස්ත්‍රීන්ගේ ආර්තව දරිද්‍රතාව (period poverty) අවසන් කිරීමට පියවර

සැමට නිවෙසක හිමිකමක්

• නාගරික මහල් නිවාස ව්‍යාපෘති සඳහා පෞද්ගලික ආයෝජන

• රාජ්‍ය හා පුද්ගලික රැකියාවල නියුතු වූවන්ට නිවෙසක හිමිකම

• වතු ආශ්‍රිත ප්‍රදේශවල නිවාස යෝජනා ක්‍රම, පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම්

• තරුණ විවාහක පිරිස් සඳහා නව නිවෙසක් මිල දී ගැනීමට හෝ ඉදිකර ගැනීමට මූල්‍ය පහසුකම්

ජනහිතකාමී රාජ්‍ය පාලනයක්

• විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පහළම ඒකකයට බලය බෙදෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

• ශ්‍රී ලාංකේය ජාතිය නිර්මාණය කෙරෙන හා ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

• වෙනස් කොට සැලකීමට එරෙහි කොමිෂන් සභාවක්

• මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සංශෝධනයට

• විද්‍යාතත්මකව වෙන්කරන ලද අමාත්‍යාංශ 25කට ඇමැතිවරුන් 25ක් සහ අනුරූපී නියෝජ්‍ය ඇමතිවරුන්. රාජ්‍ය සහ ව්‍යාපෘති ඇමැතිධුර ඉවතට

• මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ඉවතට

• ජනාධිපති සහ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන විශ්‍රාම වැටුප ඉවතට

• සියලු පුරවැසියනට තම භාෂාවෙන් සේවා ලබාගැනීමට හැකි වන පරිදි ජාතික භාෂා ප්‍රතිපත්තියක්

නීතිගරුක සමාජයක්

• දේශපාලකයන් හා සහචරයන් විසින් සොරාගත් වත්කම් නැවත අත්පත් කරගැනීම සඳහා ”රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන” ආයතනයක්

• මූල්‍ය අපරාධ, අල්ලස් හා දූෂණ නඩු කඩිනමින් පසිඳලීම සඳහා ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණයක්

• සෑම දිස්ත්‍රික්කයකටම දූෂණ විරෝධී විමර්ශන කාර්යාලයක්

• නීතිය පසිඳලීමේ සිදුවන ප්‍රමාදය අවම කර නිශ්චිත කාලයක් තුළ අවසන් කිරීමට නෛතික ප්‍රතිපාදන

• පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන කඩිනම් කර චූදිතයන් නීතිය ඉදිරියට පැමිණවීම සහ මූලික අයිතිවාසිකම් නඩුවේ වැරදිකරුවන්ට අපරාධ නීතිය යටතේ නඩු එමෙන්ම ජනාධිපති කොමිෂන් නිර්දේශ අනුව නීතිමය පියවර

• සුහුරු අධිකරණ ජාල මඟින් නඩු ප්‍රමාද ඉවතට

• අල්ලස් හා දූෂණ විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කොට නඩු පැවරීම

උපායමාර්ගික විදෙස් සබඳතාවක්

• ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල ජාලය සහ ඒවායේ කාර්ය මණ්ඩල සංඛ්‍යාව විස්තීර්ණ සමාලෝචනයකින් පසු ප්‍රතිව්‍යුහගතකරණයට

• තානාපති කාර්යාල සඳහා විදෙස් වෙළදාම දියුණු කිරීම, සංචාරක ප්‍රවර්ධනය, රැකියා අවස්ථා පුළුල් කිරීම ආදිය ඇතුළත් කාර්ය සාධක දර්ශක

• කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වන පරිදි ශ්‍රී ලංකාවේ ගොඩබිම, මුහුද හෝ ගුවන් අවකාශය භාවිත කිරීමට ඉඩ නොදීම

නොසැලෙන ආර්ථිකයක්

• මාසික පුද්ගල බදු නිදහස් සීමාව රු. 200,000 දක්වා ඉහළට

• ආහාර ද්‍රව්‍ය, සෞඛ්‍ය, පාසැල් පොත්පත් හා උපකරණ වැට් බද්දෙන් නිදහස්

• නිෂ්පාදන ආර්ථිකය පුළුල් කිරීම සඳහා නව සංවර්ධන බැංකුවක්

• ජ්‍යේෂ්ඨ පුරවැසි ඉතුරුම් සඳහා ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට වඩා 5%ක වැඩි පොලියක්

• වසර 05ක් ඇතුළත ඩොලර් බිලියන 45ක ඉලක්කයක් සහිත අපනයන විවිධාංගීකරණය

• ක්ෂුද්‍ර මුල්‍ය ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව විවිධ ආකාරයෙන් පීඩාවට පත්ව ඇති ජනතාව එම තත්වයෙන් මුදා ගැනීමට නීතිමය මැදිහත් වීම

• ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ප්‍රේෂණ සඳහා විගමණික බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර හා නව ආයෝජන අවස්ථා

• ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ඇප රහිත ණය හා ආපසු නොගෙවා ඇති ණය සඳහා සහන බැංකුවක්

තොරතුරු තාක්ෂණයේ නව ප්‍රවේශයක්

• 2030 වනවිට තොරතුරු තාක්ෂණ ශ්‍රම බළකාය 200,000 දක්වා ඉහළට

• බස්නාහිර, උතුර, දකුණ හා නැඟෙනහිර පළාත්වල තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන 04ක්

• 2030 වනවිට ඇ.ඩො. බිලියන 05ක තොරතුරු තාක්ෂණ ආර්ථිකයක්

උපාධිධාරීන්ට රැකියා

• ගුරු වෘත්තියට උපාධිධාරීන් 20,000ක්

• විද්‍යා තාක්ෂණ, ඉංජිනේරු, ගණිත උපාධිධාරීන් 3000ක් හා STEM නොවන උපාධිධාරීන් 9000ක්

• ඇතුළත් උපාධිධාරීන් 12,000 තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට

• දේශීය ආදායම්, රේගු, විදේශ සේවා හා සංචාරක ක්ෂේත්‍රයට රැකියා 3000ක්

කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක්

• වසර 05ක් තුළ ප්‍රවාහන අවශ්‍යතාවයන්ගෙන් 70%ක් පොදු ප්‍රවාහන සේවයෙන්

• නිෂ්පාදන අමුද්‍රව්‍ය ඉන්ධන හා පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය සේවය

• නාගරික හා ග්‍රාමීය මාර්ගවල රාත්‍රී කාලයේ පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම

• ග්‍රාමීය මාර්ග කි.මී. 50,000ක් වසර 05ක් තුළ ප්‍රතිසංස්කරණයට

• ප්‍රවාහන සේවා තුළදී ස්ත්‍රීන්ට සිදුවන හිරිහැර හා දුෂ්කරතා අවම කිරීමටත් ආරක්ෂිතව ප්‍රවාහනයේ යෙදීමටත් හැකිවන පරිදි පහසුකම්

තිරසර බලශක්තියක්

• අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කරමින්, කලාපයේ අවම විදුලි බිල සහිත රට බවට ශ්‍රී ලංකාව අනුක්‍රමයෙන් පත් කිරීම

• පුනර්ජනනීය බලශක්තිය මෙ.වො. 2500ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කර ගැනීමටත් එහි වාසිය පාරිභෝගිකයනට ලබාදීමටත් පියවර

• භූගෝලීය පිහිටීමේ වාසිය භාවිත කරමින් ලංකාව, ඉන්ධන හා බලශක්ති වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division