සමගි ජන සන්ධානයේ මූලික ප්‍රතිපත්ති රාමුවෙන්
එක්වෙමු, කැපවෙමු, ජයගමු යනුවෙන් වූ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා මහනුවරදි එළි දැක්විණි. එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත කරුණු සැකෙවින් මෙසේය.
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම
“සමාජ වෙළෙඳ පොළ ආර්ථික ආකෘතියක් හරහා වර්ධනයේ ප්රතිලාභ සැමට ලැබෙන බවට තහවුරු කරමින් සාධාරණ වර්ධනයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ සහ සමෘද්ධිමත් සංවර්ධනයක් කරා යන මාවතේදී විනිවිදභාවයත් තිරසරභාවයත් සහ සියලු පුරවැසියන්ට ශක්තියක් වනු ඇති බවටත් සහතික කරමු.”
විනිවිදභාවය සහ වගවීම
ශක්තිමත් දූෂණ විරෝධී නීති හඳුන්වා දීම, යුක්තිය ඉටු කිරීම, සොරකම් කරන ලද වත්කම් යළි ලබා ගැනීම, දූෂණ මැඬපැවැත්වීම සඳහා ශක්තිමත් වැඩසටහනක්, දූෂිත පුද්ගලයන් යුක්තිය ඉදිරියට ගෙන ඒම සඳහා ස්වාධීන මහජන අභිචෝදක කාර්යාලයක් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය ඇති කිරීම.
ණය අර්බුදය කළමනාකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, දුගී පුද්ගලයන් වෙත සහන ලබාදෙන බවට සහතික කිරීමේ වත්මන් වැඩසටහනට සංශෝධන ඉදිරිපත් කිරීම
මූල්‍ය සහ විනිමය අනුපාත ප්‍රතිපත්තිය
විදේශ විනිමය අනුපාතිකයක් සහ අඩු හා ස්ථාවර පොලී අනුපාත සහතික කිරීම.
ආදායම් වර්ධනයක් අත්කර ගැනීම
ආදායම් වර්ධනය කිරීම, වියදම් සහ දූෂණ අවම කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම, අසාධාරණ බදු ව්‍යුහයන් සංශෝධනය, නාස්තිකාර රාජ්‍ය වියදම් සහ දූෂණය පාලනය කිරීම, විපතට පත් ජනතාව සඳහා සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීම සහ අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීම.
කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ
පැරණි නීති නවීකරණය, කෘෂිකර්ම වෙළෙඳ පොළ පහසුකම්කරණය ද වාරි සහ වැව් ප්‍රතිසංස්කරණය ද, මූල්‍ය හා රක්ෂණ පහසුකම් ද ලබා දීම, ග්‍රාමීය දිළිඳු බව අවම කිරීම, ඵලදායීතාව ඉහළ නැංවීම, සුහුරු තාක්ෂණය මත පදනම් වූ කෘෂිකාර්මික නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
රාජ්‍ය අංශ කළමනාකරණය සහ ඩිජිටල්කරණය
ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ප්‍රධාන කාර්ය සාධන දර්ශක හඳුන්වා දීම සහ ඩිජිටල්කරණය හරහා රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්, දූෂණය අවම කරන අතරම කළමනාකරණය, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.
බලශක්ති සහ උපයෝගිතා ප්‍රතිසංස්කරණ
කලාපීය පුනර්ජනනීය බලශක්ති මර්මස්ථානයක් බවට පත් කිරීම ඉලක්ක කොටගෙන, 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ජනනයෙන් 70%ක ඉලක්කයක් සැපිරීම
කෘෂිකර්මය හා පශු සම්පත් සංවර්ධනය
ගොවි ණය කපා හැරීම, අත්‍යවශ්‍ය ණය පහසුකම් වෙත ප්‍රවේශය, පොහොර කිලෝග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 5,000කට, වී නිෂ්පාදනය සඳහා ඉහළම සහතික මිලක්, කෘෂි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමේ අවස්ථාව, කෘෂිකාර්මික ප්‍රදේශවල ජංගම හා අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කිරීම, කෘෂිකර්මය සහ සත්ව පාලනය වැඩි දියුණු කිරීම, ඉඩම් පරිහරණ සැලසුම්
ඉඩම්, වාරිමාර්ග සහ ජල කළමනාකරණය
රජයේ ඉඩම්වල පදිංචිව සිටින ඉඩම් අවසරපත්ලාභීන් වෙත වසර 5ක් ඇතුළත සින්නක්කර ඔප්පු ලබා දීම, ජල මූලාශ්‍ර සහ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය ශක්තිමත් කිරීම.
ප්‍රවාහනය – මහාමාර්ග, නාවික සහ ගුවන
කැලණිවැලි දුම්රිය මාර්ගය ඇතුළු දුම්රිය නවීකරණ ව්‍යාපෘති කඩිනම් කිරීම, බහු මංතීරු නිදහස් ප්‍රවාහන පද්ධතියක් හඳුන්වා දීමෙන් අධිවේගී මාර්ගවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.
ධීවර හා ජලජ සම්පත්
ධීවර ප්‍රජාවගේ ආර්ථික ශක්තිය නැංවීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික බැංකු මාර්ගයෙන් ව්‍යවසායකයන්ට අඩු පොලී ණය යෝජනා ක්‍රමයක් ඇති කිරීම,
විදේශීය අනවසර ධීවර යාත්‍රා මඟින් සිදු කෙරෙන නීති විරෝධී ක්‍රියා රාජ්‍යතාන්ත්‍රිකව විසඳීම හා ඒවා නිරීක්ෂණය පිණිස සන්නිවේදන හා තාක්ෂණික පහසුකම් වැඩි දියුණු කිරීම
කර්මාන්ත අංශය
මිල්ලෑව, මිල්ලනිය සහ බිංගිරිය අපනයන සැකසුම් කලාපවල කටයුතු කඩිනම් කර, නවීනතම තාක්ෂණයෙන් යුත් නව කාර්මික කලාප 25ක්, දිවයින පුරා’හරිත තාක්ෂණ නවෝත්පාදන මධ්‍යස්ථාන ජාලයක්, 18+ නව ව්‍යවසාය ව්‍යාපෘතිය’ක්, නව කර්මාන්ත ලියාපදිංචි කිරීම සඳහා සරල කරන ලද ‘බහුකාර්ය සේවස්ථානයක්.
අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ තාරුණ්‍යය
සියලුම ගුරුවරුන්ට නොමිලේ පොදු ප්‍රවාහන පහසුකම්, දීර්ඝ කාලයක් තිස්සේ පවතින වැටුප්, විශ්‍රාම වැටුප් සහ සේවා ගැටලු විසඳීම සඳහා 2025 ජනවාරි මාසයට පෙර ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම, ශ්‍රී ලංකාවේ සියලුම පාසල්වලට 100% විදුලිය, ජල පහසුකම් සහ භෞතික සම්පත් සැපයීමෙන් සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කිරීම, 6 – 13 ශ්‍රේණිවලට අනුයුක්ත පාසල් දැරියන්ට සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීම සඳහා මාසික මුදල් හුවමාරුවක්, අධ්‍යාපන ප්‍රමිති, පර්යේෂණ සහයෝගිතාවන් සහ සිසු හුවමාරු වැඩසටහන් වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් විශ්වවිද්‍යාල බද්ධකරණ ව්‍යාපෘති දිරිගැන්වීමක්.
කාන්තාවන් සහ ළමුන් සවිබලගැන්වීම
මාතෘත්ව නිවාඩු පිරිවැය රජය විසින් දැරීම, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතනයන්හි අවම වශයෙන් 25%ක කාන්තා නියෝජනය, ක්ෂුද්‍ර ණය ආයතන නියාමනය, සේවක අර්ථසාධක, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හරහා සනාථ කෙරෙන පරිදි 50% ඉක්මවා කාන්තාවන් සේවා නියුක්ත කෙරෙන තෝරාගත් අංශයන්හි සමාගම් වෙත බදු ප්රතිලාභ
සෞඛ්‍ය, පෝෂණය, දේශීය වෙදකම හා සමාජ සුබසාධනය
ගර්භිණී මාතාවන්, කුඩා දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ පෝෂණ මලු බෙදා හැරීම, පාසල් දරුවන් සඳහා දිවා ආහාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, වයස අවුරුදු 40ට වැඩි සෑම පුරවැසියකුටම වසර 03කට වරක් රාජ්‍ය දායකත්වයෙන් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක්, “සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණය” පුළුල් කිරීම
සවිබල ගැන්වීම සහ සමෘද්ධිය ගොඩනැඟීම
නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් පුද්ගලයන් 50,000ක් සඳහා සුබසාධන දීමනාව මසකට රුපියල් 10,000/- දක්වා (රුපියල් 7,500/- සිට) වැඩි කිරීම, වැඩිහිටි පුරවැසියන් 820,000ක් සඳහා ලබා දෙන සුබසාධන දීමනාව මසකට රුපියල් 5,000/- දක්වා (රුපියල් 3,000/- සිට) වැඩි කිරීම, ආබාධ සහිත පුද්ගලයන් සඳහා සහන ප්රතිලාභ දිගටම ලබා දෙන අතර 410,000 ක් වන ප්‍රතිලාභීන් සඳහා සුබසාධන දීමනාව මසකට රුපියල් 10,000/- දක්වා (රුපියල් 7,500/- සිට) වැඩි කිරීම, ආබාධ සහිත පුද්ගලයන් සඳහා රාජ්‍ය සේවයේ රැකියා අවස්ථාවලින් 3%ක කෝටාවක් ලබා දීම.
රාජ්‍ය සේවය නංවාලීම
කුසලතාවෙන් සහ වගවීමෙන් යුත් රාජ්‍ය සේවයක් බිහි කිරීම, සමස්ත රාජ්‍ය සේවයම මානව සම්පත් කළමනාකරණ සැලැස්මකට අනුව ප්‍රතිසංවිධානය කිරීම,
රාජ්‍ය අංශ සේවකයන්ට ලබාදෙන මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 සීමාවේ සිට රුපියල් 25,000ක අවමයක් දක්වා ඉහළ නැංවීම, අවම මූලික මාසික වැටුප (දැනට ශ්‍රේණි සඳහා අදාළ අනුපාතයන් 24%කින් ඉහළ නැංවෙනු ඇත. මේ වන විට ලබාදෙන විවිධ ගැළපීම් දීමනාවනට අදාළ ගැළපීම් දෙක ද එක් වූ විට ජීවන වියදම් දීමනාව ද ඇතුළත් රාජ්‍ය සේවයේ අවම දළ වැටුප රුපියල් 57, 500ක් වනු ඇත.
විදෙස්ගත ශ්‍රමිකයන් සහ සේවා නියුක්තිය
විදේශ ප්‍රේෂණ මත පදනම්ව විදුලි වාහන සඳහා වාහන බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්, පෞද්ගලික අංශයේ සියලු සේවා නියුක්තිකයන්ට දායකත්ව රක්ෂණාවරණ ක්‍රමයක් සහ විශේෂ නිවාස වැඩසටහනක්
විශ්‍රාමික ප්රතිලාභ සුරැකීම
වසර 2016 – 2019 කාලය තුළ විශ්‍රාමිකයන්ට අහිමි වූ විශ්‍රාම වැටුප් සංශෝධන ලබා දීම, අග්‍රහාර රක්ෂණාවරණය රැකවරණය පුළුල් කිරීම.
ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැඟීම
පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා මාසිකව රුපියල් 17,500ක සීමාවේ සිට අවම වැටුප මාසිකව රුපියල් 25,000 දක්වා හෝ සංශෝධනය කළ යුතු බවට යෝජනාවක්
* “ජන සවිය” , “සමෘද්ධිය”, “අස්වැසුම” , “ගැමිදිරිය” යන සමාජ ආරක්ෂණ වැඩසටහන්වල යහභාවිත උකහා ගනිමින්, පුළුල් නව වැඩපිළිවෙළක් මඟින් මාසිකව ප්‍රතිලාභී පවුල් සඳහා මාස 24ක් දක්වා රුපියල් 20,000ක දීමනාවක්
රාජ්‍ය ආරක්ෂාව
ජාතික රජයක් පිහිටවුව ද, අමාත්‍යවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් පවත්නා සීමාව අදාළ වනු ඇත. මාස 06ක් ඇතුළත පළාත් සභා මැතිවරණක්, අධිකරණයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ ඇති පුද්ගලයන්ට නාම යෝජනා හෝ කිසිදු රජයේ තනතුරක් ලබා නොදීම
නීතිය හා සාමය
පාක්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2 (1) (ඇ) වගන්තිය ප්‍රකාරව විධිමත් ලෙස බලය පවරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවක් මාස 3ක් තුළ පිහිටුවනු ඇත. එම කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පාස්කු ඉරුදින ප්‍රහාරය සඳහා වගකිව යුතු අපරාධකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයක් ( Trial at bar) මඟින් දිනපතා නඩු විභාග කර දඬුවම් ලබාදීම රජයේ ප්රමුඛ වගකීමක් ලෙස සලකනු ලැබේ.
දූෂණ විරෝධී නීති
මෑතකදී සම්මත කරන ලද 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබා දෙනු ඇත.