Home » හොඳ කෙනෙක් ලැබෙයිද කියලා ඉස්සරහට බලමු

හොඳ කෙනෙක් ලැබෙයිද කියලා ඉස්සරහට බලමු

දිනිති අරෝෂ්කා

by Mahesh Lakehouse
August 31, 2024 12:30 am 0 comment
අනුෂා රණසිංහ

– මම කෙනෙක්ට බැඳෙන්න මාර බයයි

පුංචි තිරයේ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන නවක රංගන ශිල්පිනියක් තමයි දිනිති අරෝෂ්කා කියන්නේ. දිනිතිව මේ දිනවල දකින්න ලැබෙන්නේ නම් හිරු නාළිකාවේ විකාශය වන පාට කුරුල්ලො නාට්‍යයේ ධනංජි ලෙසින්. ඒ ගැන වගේම ඉදිරි නිර්මාණ ගැන කළ කතා බහයි මේ.

දිනිති කොහොමද පාට කුරුල්ලො නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ?

පාට කුරුල්ලො නාට්‍යයට සම්බන්ධ වුණේ නාට්‍යයේ නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියා හරහා. එයා අපේ පවුලේ අය එක්ක හිතවත් කෙනෙක්. ඒ නිසා කාලයක් තිස්සේ චාමර අයියාව දන්නවා. ඔහු තමයි මට ආරාධනා කළේ පාට කුරුල්ලෝ නාට්‍ය.

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

පාට කුරුල්ලො හි අමතක නොවන අත්දැකීම් ඇති මම ආසම නළුවන් තමයි කුසල් අයියා සජිත අයියා කියන්නේ. ඉතින් එයාලාව මට මුලින්ම හම්බුණේ මේ නාට්‍යය හරහා. අපි මුලින්ම පිටපත පුහුණු වෙද්දී කුසල් අයියා රඟපාන දිහා බලන් ඉද්දි හිනා යනවා. අපි හැමෝම එකමුතුවෙන් කරන වැඩක්. එයාලා රඟපාන දිහා බලාගෙන අපි ගොඩක් දේවල් රංගනය ගැන ඉගෙන ගන්නවා. සිවා සර්ගෙන් සහ තරංග අයියගෙන් අපිට ලොකු සහයෝගයක් ලැබෙනවා.

දිනිති ගැන විස්තර ටිකක් කිව්වොත්?

මගේ නම දිනිති අරෝෂ්කා. පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි නංගිලා දෙන්නයි. මගේ ගම බණ්ඩාරවෙල. මම කොළඹට මුලින්ම ආවේ පෞද්ගලික අංශයේ රැකියාවක් කරන්න. තවමත් මම පෞද්ගලික අංශයේ රැකියාවක් කරන ගමන් තමයි රංගනය කරගෙන යන්නේ.

නිළියක් වෙන්නමද සිහින දැක්කෙ?

මම පොඩි කාලේ ඉඳන් බ්‍රයිඩ්ල් ෂෝ ආසාවෙන් බලපු කෙනෙක්. ඒ වගේ මේකප් කරන්න ඇවිදින්න මම ආසයි. ඒ නිසාම පොඩි කාලෙත් ගෙදරදී මේකප් දාගෙන ලිප්ස්ටික් ගාගෙන නිරුපිකාවක් වගේ ඇවිදගෙන යනවා. උසස් පෙළ කරද්දී මට රංගනයට ඇරයුම් ලැබුණා. නමුත් මම බණ්ඩාරවෙල ඉන්න නිසා ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න බැරි වුණා.

මම කොළඹ ආවට පස්සේ දැක්කා සුරංග අල්විස් මහතාගේ ෆිල්ම් එකක ඔඩිෂන් එකක් තියෙනවා කියලා. ඒකට මම ඇප්ලයි කළා. ඔඩිෂන් එකෙන් මම තේරුණා. එදා මට මාරම සතුටුයි. ඊට පස්සේ දවසක මම අපේ ආයතනයෙන් බිස්නස් වැඩකට චාමර අයියට කතා කළා. එතකොට තමයි මට කිව්වේ එයාලගේ ඩ්‍රාමා එකක් යනවා ඇවිත් බලන්න කියලා. මම එදා කළේ පොඩි දෙයක් හැබැයි මට මාරම සතුටුයි. එදාම මම හිතා ගත්තා මේක තමයි ගැළපෙනම දේ කියලා. කොහොම හරි ටීවී එකේ යද්දී තමයි ගෙදරට කිව්වෙත්. මුලින්ම නම් ගෙදරින් බැන්නා. ඒත් මාව ටීවී එකේ දකිද්දී එයාලටත් සතුටුයි. ඊට පස්සේ තමයි පාට කුරුල්ලෝ එකට ආවේ.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඒක කියලා නිම කරන්න බැහැ. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රංගනයට එන්න අවස්ථාව සහ රංගනය තුළින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන එක හැමෝටම ලබන්න බැරි දෙයක්. ඉතින් ඒ ගැන මාරම සතුටුයි.

මේ වෙද්දී අධ්‍යාපන කටයුතු අවසන් කරලා රංගනයටම ද කාලය යොදවලා තියෙන්නේ?

මේ වෙද්දී මම කරන්නේ රැකියාව සහ රංගනය. මම රංගනයට අලුත් නිසා තවමත් මේ රංගනය ගැන ඉගෙන ගනිමින් ඉන්නේ. අපි කරනදේට දක්වන ආදරේ සහ කැපවීම එක්ක තමයි අපිට තව තව නිර්මාණ ලැබෙන්නේ. අපි මොන දේ කළත් ආසාවෙන් කැපවීමෙන් කරන්න ඕනේ.

පාට කුරුල්ලෝ අමතරව සම්බන්ධ වුණු නිර්මාණ මොනවද?

එක ටෙලි නිර්මාණයක් සහ චිත්‍රපටයක් එන්න තියෙනවා. ඒ එක්කම වෙ‍ෙළඳ දැන්වීමකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

චරිතයක් භාර ගන්න කලින් බලන්නෙ මොනවද?

මට මේ චරිතය කරන්න පුළුවන් ද කියන එක තමයි මම බලන්නේ. ඒ චරිතය වෙනුවෙන් කැපවෙලා ඒ චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන් නම් මම ඒක භාර ගන්නවා.

කටකතා ගොසිප් ගැන මොකද හිතෙන්නෙ?

කටකතා ගොසිප් හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙන දෙයක්. නළු නිළියන්ට විතරක් තියෙන දෙයක් නෙවෙයි. හැබැයි තමන්ට ආදාළ නැත්නම් ඒ ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ. කටකතා ගොසිප් කියන දේවල් කාලෙන් කාලෙට එනවා යනවා. හොඳම දේ තමන්ට අදාළ නැත්නම් තමන්ගේ පාඩුවේ තමන්ගේ ගමන යන එක.

රංගනයට එද්දී ගෙදරින් ලැබුණ සහයෝගය කොහොමද?

මුලින්ම නම් ගෙදරින් සහයෝගයක් ලැබුණේ නැහැ. දැන් එහෙම නෙවෙයි මාව රූපවාහිනී තිරයෙන් දකින නිසා හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා.

ආදරේ දකින්නෙ කොහොමද?

ආදරේ හොඳයි. මිනිසුන්ට ජීවත් වෙන්න ආදරේ කොහොමත් ඕනේ. ආදරේ වර්ග කරන්න බැහැ. පවුලේ අයගෙන් හෝ ගැහැනු කෙනෙක් නම් පිරිමි කෙනෙක්ගෙන් හෝ ආදරේ ලබන්න පුළුවන්. ආදරේ එක්ක ජීවත් වෙද්දී සතුටක් දැනෙන්නේ. අපිට ජීවිතේ ලැබෙන්න තියෙන දේවල් කොහොමත් ලැබෙනවා. නැත්නම් නැහැ. අවංකව සතුටින් අනිත් කෙනාව තේරුම් අරන් ආදරේ කරන්න පුළුවන් නම් කොයි ආදරෙත් සුන්දරයි. එහෙම ලස්සන ආදරයක් ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕනේ.

ආදරවන්තියක් ද?

දැන් නම් ආදරවන්තියක් නෙවෙයි. මම ආදරේ කියන දේ මාරම විදියට බලාපොරොත්තු වෙන කෙනෙක්. බලමු ඉස්සරහට හොඳ කෙනෙක් ලැබෙයිද කියලා.

කලාවේ කෙනෙක්ගෙන් ආදර යෝජනාවක් ආවොත් භාර ගන්නවද?

මම එහෙම කලාවේ ද නැද්ද කියන එක නෙවෙයි බලන්නේ මට ආදරෙන් එතැන ඉන්න පුළුවන් ද කියලා මම බලන්නේ. මම කෙනෙක්ට බැඳෙන්න මාර බයයි. ඒ බැඳීම අහිමිවීම දරා ගන්න මට අමාරුයි. මම ආදරේ කියන දේ මාරම විදියට හොයන කෙනෙක්. ආදරය රැකවරණය විශ්වාසය මමත් බලාපොරොත්තුවෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division