සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස විශ්‍රාම ගිය නිලධරයකු වූ ජගත් අබේසිරිගුණවර්ධන අපරාධකාරයන්ගේ විවිධ වේෂ ගැන කාලයකට පෙර කියූ කතාවකින් මේ කතාව ආරම්භ කරමි.
ජගත් අබේසිරිගුණවර්ධන නිලධරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙස කැලණිය කොට්ඨාසය භාරව කටයුතු කරන කාලයේදී එම පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බලප්රදේශයක සිදු වූ සුවිශේෂී සොරකමක් පිළිබඳව එම අදහස පළ කළේය.
අදාළ පොලිස් බලප්‍රදේශය සහ යාබද බලප්‍රදේශවල එකල දිගින් දිගටම සිදු වූ ගෙවල් බිඳුම් ගණනාවක් පිළිබඳ පොලිසිය අවධානය යොමු කළේය. අපරාධ නිවාරණය සඳහා වැඩිපුර තාක්ෂණය ද භාවිත නොවූ ඒ කාලයේ පොලිසියට හෝඩුවා වැඩිපුර ලැබුණේ මහජනතාවගෙනි.
මෙසේ දිවා කාලයේ ගෙවල් බිඳින හොර දෙටුවන් ගැන සියුම් හෝඩුවාවක් ලද පොලිස් නිලධරයෝ ඔහු පසුපස හඹා ගොස් අල්ලාගෙන ප්‍රශ්න කරද්දී හෙළි වන්නේ ඔහු ‘සංචාරක ලොතරැයිපත් අලෙවිකරුවකු’ ලෙස පෙනී සිටිමින් ලොතරැයි අලෙවි කරන මුවාවෙන් ගෙන් ගෙට ගොස් දහවලට කිසිවකු නොමැති නිවෙස්වල තොරතුරු එකතු කරගෙන එම නිවාස බිඳ වටිනා භාණ්ඩ සොරකම් කරන බවය. සත්‍ය වශයෙන්ම සිය රැකියාව ලෙස ගෙන් ගෙට ගොස් ලොතරැයි පත්‍ර අලෙවි කරන සංචාරක ප්‍රවේශපත්‍ර අලෙවිකරුවන්ට මෙය අදාළ නොවෙතත් ඇතැම් සොරුන් තමන්ගේ අරමුණු සාර්ථක කරගැනීමට විවිධ වේශ ගන්නා බව මින් පැහැදිලිය.
දහවල් කාලයේ නිවෙස්වලට පැමිණෙන බෝතල් පත්තර එකතු කරන පුද්ගලයන්, කුලී වැඩ සොයාගෙන එන අය, සංචාරක වෙළෙඳුන්, ගස් නඟින, අතු කපන පුද්ගලයන්, යකඩ බඩු පොල්කටු කසළ එකතු කරන අය අතර අපරාධකරුවන්ද සිටීමට ඇති ඉඩකඩ ගැන ද මහජනතාව කල්පනා කළ යුතු කාලය මේ වන විට එළැඹ ඇත්තේ මත්ලෝලින් ද මේ මුවාවෙන් ඔවුන්ගේ අභිප්රායන් ඉටුකර ගැනීමට මාන බලන බැවිනි. මත්ද්‍රව්‍ය එතරම්ම මේ ජන සමාජයට කර ඇත්තේ ප්‍රබල විපතකි.
දිවා කාලයට නිවෙසින් පිටත විදුලි පහන් දල්වා තිබෙන නිවෙස පමණක් සොයාගෙන ඒවායේ කිසිවකු නොමැති බව ඔත්තු බලා සොයාගෙන ඒවාට ඇතුළු වී මිල මුදල් භාණ්ඩ සොරකම් කරගෙන පලා යන පුද්ගලයකු කඳාන ප්‍රදේශයේදී මීට ටික කලකට පෙර පොලිස් අත්අඩංගුවට පත් විය.
මේ උදාහරණ සත්‍ය බවට පසක් කරන සිද්ධියක් පසුගියදා වාර්තා වන්නේ දොම්පේ පොලිස් ස්ථානයෙනි.
දොම්පේ පොලිස් බප්රදේශයට අයත් පැලහැල ප්‍රදේශයේ නිවෙසකට ‘කොස් කඩන’ සංචාරක වෙළෙඳුන් ලෙස පැමිණි අපරාධකාරයන් දෙදෙනෙක් එහි නිවැසියන් නැති බව දැනගෙන එම නිෙවසේ තිබුණු රුපියල් ලක්ෂ ගණනක් වටිනා සුඛෝපභෝගී කාරයක් සහ නිවෙසේ තිබුණු භාණ්ඩ සොරකම් කරගෙන පලාගොස් තිබුණි.
අදාළ නිවැසියන් මේ සිද්ධිය දොම්පේ පොලිසියට පැමිණිලි කරන්නේ අනතුරුවය.
දොම්පේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනාත් නිශ්ශංකගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. කේ. ආර්. විජේලාල් ඇතුළු කණ්ඩායමක් මේ ගැන විමර්ශන ආරම්භ කරන්නේ පැමිණිල්ල ලැබුණු මොහොතේදීමය.
ඒ අනුව උප පොලිස් පරීක්ෂක විජේලාල් ඇතුළු කණ්ඩායම පැලහැල අදාළ නිවෙසට ගොස් මේ ගැන පරීක්ෂණ ආරම්භ කරන්නේ සොරකම් කරගෙන ගොස් තිබුණු කාරයේ ලියාපදිංචි අංකය ද අවට පොලිස් ස්ථානවලට ලබා දෙමිනි.
ගම්පහ කොට්ඨාසයේ සෙසු පොලිස් ස්ථානවල නිලධාරීන්ද යුහුසුලුව එම වාහනය සොයා ගැනීමට මාර්ග බාධක යොදා පරීක්ෂණ ආරම්භ කරද්දී කොස් කඩන වෙස් ගත් සොරුන් එම කාරය කඳුබොඩ වැව පාරේ දමාගොස් තිබිණි.
කාරය සොයාගත් පොලිස් නිලධාරීන් ගම්පහ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද කැඳවා එහි ඇඟිලි සලකුණු ද පරීක්ෂාවට ලක් කරන අතරේ සැකකරුවන් පිළිබඳව සොයා බැලීමට ඉතා සූක්ෂ්ම සහ දීර්ඝ විමර්ශනයක් ආරම්භ කරන්නේ ලැබුණු තොරතුරු කීපයක් ද විශ්ලේෂණය කරමිනි.
එම තොරතුරුවලට අනුව විමර්ශන ආරම්භ කළ දොම්පේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. කේ. ආර්. විජේලාල් ඇතුළු කණ්ඩායම පුද්ගලයන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගන්නේ ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් මල්වතුහිරිපිටිය සහ රදාවාන ප්‍රදේශවලදීය. එලෙස අල්ලාගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් දෙදෙනා කොස් ගස් වැඩිපුර ඇති නිවාස සහ වතුපිටිවලට ත්‍රිරෝද රථයකින් ගොස් කොස් කඩන සංචාරක වෙළෙඳුන් ලෙස පෙනී සිටින අතරේ නිවැසියන් නොමැති නිවාස ගැන ඔත්තු බලා ඊට ඇතුළු වී මුදල් සහ වටිනා භාණ්ඩ සොරකම් කරගෙන යන බව හෙළි විය.
සැකකරුවන් දෙදෙනා ගම්පහ, වතුරුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අවුරුදු 28 සහ 32 වන වයස්වල පසු වන්නන් බවට තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකි විය.
මේ පුද්ගලයන් දෙදෙනා කොස් කඩන සංචාරක වෙළෙඳුන් ලෙස පෙනී සිටිමින් මල්වතුහිරිපිටිය සහ කිරිඳිවැල ප්‍රදේශයේ නිවාස දෙකක් බිඳ වටිනා භාණ්ඩ සොරකම් කර ඇති බව උප පරීක්ෂක විජේලාල් ඇතුළු කණ්ඩායම කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි විය.
මෙලෙස ඔවුන් ගෙන් ගෙට යාමට භාවිත කළ ත්‍රිරෝද රථයක් සහ සොරකම් කළ භාණ්ඩ තොගයක් සොයා ගැනීමට පොලිසියට හැකි විය. එම ත්‍රිෙරා්ද රථය ගම්පහදී සොරකම් කරන ලද එකකි.
සැකකරුවන් දෙදෙනා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණපොලිස් අධිකාරි තිස්ස සේනානායක යන නිලධාරීන්ගේ උපදෙස් මත දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනාත් නිශ්ශංකගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. ආර්. විජේලාල්, උප පොලිස් පරීක්ෂකවරුන් වන කරුණාරත්න, එදිරිසිංහ, රෝහිත සහ කොස්තාපල්වරුන් වන (103280) හෙට්ටිගේ,(30191) චතුරංග, (95380) අධිකාරී, කොස්තාපල් රියැදුරු (21269) චන්ද්‍රසේන, කාන්තා පොලිස් සැරයන් (5204) නිර්මලා යන නිලධාරීන් විමර්ශන සිදු කරන ලදි.
ඡායාරූප – මල්වාන මහානාම විතානගේ
දීපාල් සමරසේකර