ඝන අපද්‍රව්‍ය කළමනාකරණය මනාව හඳුනාගෙන ඇති Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ), කොකා – කෝලා ශ්‍රී ලංකා (CCBSL) සහ කොකා – කෝලා පදනම, නෙස්ලේ සහ යුනිලිවර් යන ශ්‍රී ලංකාවේ විශාලතම FMCG සමාගම් සමඟ එක්ව තිරසර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් දියත් කර ඇත. ‘Waste to Value’ නම් එම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම හා භාවිතයට නොගත් අවස්ථා ප්‍රයෝජනයට ගැනීමයි.
රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ව්‍යාපෘතියක් වන මේ තුළින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම, වෙන් කිරීම, ප්රතිචක්රීයකරණය හා ඒවා තුළින් නව නිර්මාණ සිදු කිරීම සඳහා වන යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් ජීවනෝපාය හා පාරිසරික සුරක්ෂිතතාව ඉහළ නැංවීමටද බලාපොරොත්තු වේ.