Home » TVS Raider දැන් ශ්‍රී ලංකාවේ

TVS Raider දැන් ශ්‍රී ලංකාවේ

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

TVS මෝටර් සමාගම (TVSM) විශේෂාංග රැසකින් සමන්විත TVS Raider 125 යතුරුපැදිය පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. මෙම සුපිරි යතුරුපැදිය LCD ඩිජිටල් ස්පීඩෝමීටරයක්, iTouch Start තාක්ෂණය, සුපිරි LED ප්‍රධාන ලාම්පුව සහ ලෝකයේ පළමුවරට යතුරුපැදි සඳහා හඳුන්වා දෙන ආසනය යට භාණ්ඩ තැන්පත් කළ හැකි අවකාශය වැනි විශේෂාංග සහිතය. ඉන්දියාවේ TVS මෝටර් සමාගමේ ජාත්‍යන්තර විකුණුම් කටයුතු පිළිබඳ උප සභාපති රාහුල් නායක් පැවසුවේ, TVS Raider අතිනවීන තාක්ෂණය, අද්විතීය හා සුවිශේෂි නිමාව, අසමසම ධාවන තත්ත්වය නිසා එය තරුණ පරපුරේ තේරීම බවට පත් වනු ඇති බවයි.

” TVS මෝටර් සමාගමේ විශ්වසනීයත්වය, ගුණාත්මකභාවය සහ ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකාවට අප හඳුන්වා දුන් සියලුම නිපැයුම්වල දක්නට ලැබේ…” ඉන්දියාවේ TVS මොබිලිටි සමාගමේ ජාත්‍යන්තර සභාපති සහ TVS ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ජී.එස්. රාඝවන් පැවසීය.

ජායාරූපය – විමල් කරුණාතිලක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division