අම්බලන්ගොඩ දෙල්දූව විවේකාරාම ආරණ්‍ය සේනාසනාධිපති හා කිරින්ද බටුවිට ඉපැරණි ආරණ්‍ය සේනාසනවල අනුශාසක ධුරන්ධර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහෝපාධ්‍යය, පාලක සංඝ සභික, සිරිමුණ ඤාණවිලාස වංසාලංකාර, කම්මට්ඨාචරිය, සද්ධම්ම විශාරද, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, අභිධර්ම විශාරද, පූජ්‍යපාද කිරින්දේ චන්දසුමණ නාහිමිපාණන් වහන්සේ අවු, 81ක් ආයු වළදා අපවත් වී වදාළහ.
කිරින්දේ චන්දසුමන නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය සැප්තැම්බර් මස 07 වන සෙනසුරාදා ප.ව. 03ට අම්බලන්ගොඩ පොල්වත්ත පියසේන ළමා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.