නවගත්තේගම කොන්කඩවල කනිෂ්ඨ විද්‍යාලයේ ගරා වැටි තිබූ ගුරු නේවාසිකාගාර දෙක ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මැදිහත්විමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අලුත්වැඩියා කර භාර දීම පසුගියදා සිදුවිණ.
පුත්තලම අධ්‍යාපන කලාපයට අයත් නවගත්තේගම කනිෂ්ඨ විද්‍යාලය ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන කලාපය යටතේ පාලනය වන පාසලකි. දරුවන් 250 ආසන්න පිරිසක් අධ්‍යාපනය හදාරන මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිට අපොස සාමාන්‍ය පෙළ දක්වා දරුවෝ මෙලෙස අධ්‍යාපනය හදාරති.
දැඩි ආර්ථික හා වනඅලි තර්ජනවලින් ගහන වූ ප්‍රදේශයක පිහිටි මෙම විද්‍යාලයට ජනාධිපති ලේකම් සමන් ඒකනායක පැමිණ තිබුනේ චීන තානාපති සමඟිනි.
ඒ චීන තානාපති කර්යාලය මඟින් රුපියල් ලක්ෂ 20ක වියදමින් ඉදිකළ පුස්තකාල දෙකකින් එකක් කොන්කඩවල විද්‍යාලයට හිමිකර දෙමිනි. පාසලේ විදුහල්පති ඒ.එච්.එම් උපාලි අබේසිංහ හා මව්පියන් හා ගුරුවරුන් ජනාධිපති ලේකම්වරයාට කළ ඉල්ලීමක් මත මෙය අලුත්වැඩියා විය. එම ගුරු නේවාසිකාගාර දෙක පසුගිය දින විවෘත කිරීම උත්සවශ්‍රීරීයෙන් සංවිධානය කර තිබුණි.
ඒ සඳහා පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.එච්.එම් අර්ජුන අබේරත්න සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයෙ නිලධාරිහු හා යුද හමුදා ඉංජිනේරු බළකායෙ නිලධාරීහුද ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ