724
කොටපොල ඓතිහාසික ගැටබරු රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය සැප්තැම්බර් 11 සිට සැප්තැම්බර් 19 දක්වා පුරා දින 6ක් පැවැත්වේ. සැප්තැම්බර් 11 වැනිදා පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයෙන් ආරම්භ කෙරෙන පෙරහර මංගල්‍යය 12 වැනිදා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව සිදුවන කප් සිටුවීම සිදුවෙයි. සැප්තැම්බර් 13,14,15 දිනවල පැවැත්වෙන පේළි පෙරහර, 16 දා රන්දෝලි පෙරහර, 17 දා අවසන් රන්දෝලි මහා පෙරහර මෙන්ම 17 සහ 18 දෙදින උඩමළුවේ පැවැත්වෙන මහා දේව තොවිලයෙන් අනතුරුව පසුදා අලුයම පැවැත්වෙන ගිනි පෑගීම සහ දහවල් දේව දානයෙන් පසු නිමාවට පත්වෙයි.