646
කඳාන පොල්පිටි මූකලාන, අබේසේකර මාවතේ පදිංචි , එස්.ඒ.කේ. එම්.පෙරේරා මුළු දිවයිනටම සමාදාන විනිසුරුවරියක ලෙස දිවුරුම් දෙන ලදි. කොළඹ 10 ආනන්ද බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය වේශ නිරූපණ ශිල්පිනියක ලෙස රැකියාව කරයි.
නාරන්ගොඩ පාළුව සිරි ශාසනෝදයාරාමයේ දහම් පාසල් ගුරුවරියක වශයෙන් කලක් සේවය කළ ඇය, රුක්මණී දේවී අනුස්මරණ සංගමයේ සභාපතිනිය ලෙස වසර දහයකට වැඩි කාලයක් කටයුතු කරන ලදි. කලාකරු අනුස්මරණ සංගමයක් වන සගීතා කලා සංසදයේ නිර්මාතෘ සහ වර්තමාන සභාපතිනිය වන්නේද ඇයයි.