970
සමගි ජන සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බොහෝ දේවල් කරන්නට බැරි බව කියූ ආණ්ඩුව දැන් සමගි ජන බලවේගයේ අඩි පාරේ ගමන් කරන්න පටන් ගෙන තිබෙන බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. ගාල්ලේදී පැවැති ජන රැලියක් අමතමින් ඒ බව පැවසූ විපක්ෂ නායකවරයා මෙසේද කීවේය.
‘‘අපේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන මොහොතක ජනතා විමුක්ති පෙරමුණ සහ ජනාධිපතිවරයා එකට එකතු වෙලා විවිධ කට කතා ප්‍රචාරය කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා සමග අපි එකතු වෙනවා කියලා විවිධ අසත්‍ය පුවත් දැන් ආණ්ඩුව සමාජගත කරනවා.
රක්ෂණ ශ්‍රියන්ත