951
ජනාධිපතිවරණයේදී දකුණේ ජනතාව වෙනසක් සඳහා පෙළගැසී සිටියදී ඒ වෙනසට එරෙහි වුවහොත් දකුණේ ජනතාවගේ මනෝභාවය කෙසේ වේදැයි සිතන ලෙස ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ ජනතාව අමතමින් පවසා ඇත.
ජනාධිපතිවරණයෙන් මාලිමාව අනිවාර්යෙන්ම ජයගන්නා බවත් එම ජයග්‍රහණයේ පංගුකරුවන් වීමට උතුරේ ජනතාවද කටයුතු කළ යුතු බවත් එයට එරෙහි නොවිය යුතු බවත් එයට එරෙහිවූවන් ලෙස උතුරේ ජනතාව හෝ යාපනයේ ජනතාව හඳුන්වනවාට කැමතිදැයි අනුර කුමාර දිසානායක මහතා විසින් එම හමුවේදී විමසා ඇත.