Home » එකට වැඩ කරද්දී අපිට තේරුම් ගියා අපිට අපිව ගැළපෙනවා කියලා

එකට වැඩ කරද්දී අපිට තේරුම් ගියා අපිට අපිව ගැළපෙනවා කියලා

මිෂෙල් ගුණවර්ධන

by thanushika
September 7, 2024 12:30 am 0 comment

ඕනෙම ක්ෂේත්‍රයක් පවතින්න නම් ඒ ක්ෂේත්‍රය තුළට නවක දක්ෂයන් ආ යුතුමයි. රංගන ක්ෂේත්‍රය තුළ දී අපිට දවසින් දවස අලුත් මුහුණු මුණ ගැහෙනවා. අද රසඳුන මේ කතාබහත් අපි සිදු කරන්නේ එවන් වූ නවක රංගන ශිල්පිනියක් සමඟ. ඇය නමින් මිෂෙල් ගුණවර්ධන.

මිෂෙල් ගැන මුලින්ම කිව්වොත්?

මගේ නම මිෂෙල් ගුණවර්ධන. පදිංචිය මාලඹේ. මම පාසල් ගියේ කොළඹ 7 බෞද්ධ කාන්තා විද්‍යාලයට. මගේ පවුලේ මට ඉන්නවා මල්ලි කෙනෙක් සහ අයියලා දෙන්නෙක්.

කොහොමද කලාවට සම්බන්ධ වෙන්නෙ?

පොඩි කාලේ ඉඳලම කලාවට හරි කැමැතියි. පොඩිම කාලේ ඉඳන් මම සින්දු කිව්වා ඩ්‍රාමාවල හිටියා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ කළාට පස්සේ මම ලසදුනි ජයවර්ධනගේ පාඨමාලාවකට සම්බන්ධ වුණා. එතැනදී මම හඬ කැවීම් සහ රංගනය ගැන ඉගෙන ගත්තා.

මුල්ම නිර්මාණය?

මම මුලින්ම ඔඩිෂන් එකකට ගියේ ඩේලි මිරර් එකේ කෙටි චිත්‍රපටයකට. ඒක ගිහාන් කුරේ සහ ඉෂිනි වීරරත්න කරපු “ද බූලි”. එහි නපුරු චරිතයක් තිබුණා ශයනා කියලා. ඒක තමයි මගේ මුල්ම චරිතය.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

‘දූවිලි‘ මල් ටෙලි නාට්‍යයේ ස්වේතා කියන චරිතය මම කළා. තව ‘හේමලයෝ‘ ටෙලි නාට්‍යයේ මම චුටික්කි කියන චරිතය කළා. ඒ නිර්මාණ දෙකම ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි.

චරිතයක් භාර ගනිද්දී මුලින්ම බලන්නෙ මොනවද?

ඒ චරිතය මට මට ගැළපෙනවා ද කියන එක සහ ඒ චරිතය ගොඩනගන්න මගේ ඇ‍ෙඟ් තියෙනවද කියන එක. මට මාව අමතක කරලා ඒ ලැබෙන චරිතය තුළ ජීවත් වෙන්න පුළුවන් නම් තමයි මම චරිතයක් භාර ගන්නේ. මම පිටපත කියෙව්වාම මට ඒ පිටපත දැනෙන එකක් වෙන්න ඕනේ.

වැඩියෙන්ම කැමැති රඟපාන්න ද හඬ ශිල්පිනියක් විදියට ඉන්න ද?

වැඩියෙන්ම කැමැති නම් රඟපාන්න තමයි. හඬ ශිල්පිනියක් විදියට වැඩ කරන්නත් කැම­ැතියි.

ෆැෂන් කරද්දී සීමා තියෙනවා ද?

මට නම් ෆැෂන් කරද්දී කිසිම සීමාවන් නැහැ. මට ලස්සනයි කියලා හිතෙන ඕනෙම දෙයක් කරන්න කැමැතියි. මම ලෝකයේ තියෙන ෆැෂන් අත්හදා බලන්න ආස කෙනෙක්. විශේෂයෙන්ම මෙට් ගාලා ෆැෂන්වලට මම කැමතියි.

ආදරේ ගැන මොකද හිතෙන්නෙ

මට ආදරේ ගැන හිතෙන දේ කිව්වොත්, මම ආදරේ දකින්නේ අමුතුම දෙයක් විදියට. මමත් ආදරණීය චරිතයක්. ඒ නිසා මට ආදරේ කරන හැමෝටම මමත් ආදරේ කරනවා. ආදරේට සීමා නැහැ කියලයි මට හිතෙන්නේ.

විවාහ ගිවිසගෙන නිසා ඔහු ගැනත් කියමු?

ඔව්. මම විවාහ වෙලා ඉන්නේ. එයා නම් කලාවට සම්බන්ධ නැහැ. සොෆ්ට් වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් සහ ව්‍යාපාරික පැත්තට නැඹුරු වෙලා ඉන්නේ. එයා හරිම නිහතමානී චරිතයක්. මගේ කලාව කරගෙන යන්න උපරිම නිදහස දීලා තියෙනවා.

කොහොමද ඔය ආදර කතාව පටන් ගත්තේ?

එයාගේ යාළුවෙක්ගේ වැඩකට මම නිරුපණයෙන් දායක වෙන්න ගියා. එතැනදී තමයි මම එයාව මුලින්ම දැන ගත්තේ. එතැනින් පස්සේ අපි හොඳ යාළුවො වුණා. මගේ අම්මා නම් එදාම කිව්වා ඔයා ඒ ළමයා එක්ක යාළුකමක් ඇති කර ගනීද මන්ද කියලත්. එතකොට නම් මම කිව්වේ එහෙම එකක් වෙන්නේ නැහැ කියලා. එකට වැඩ කරද්දී අපිට තේරුම් ගියා අපිට අපිව ගැළපෙනවා කියලා. ඒ නිසා කොහොම හරි ඒක එහෙම වුණා.

අනාගත බලාපොරොත්තු මොනවද?

මට ඕනේ වුණේ කලාව තුළින් ඉදිරියට යන්න. ඒ නිසා මගේ අනාගත බලාපොරොත්තුවත් ඉදිරියටත් නිර්මාණවලට සම්බන්ධ වෙමින් මේ කලාවේ ඉදිරියටම යන එක තමයි.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division