ගාල් කර තිබු ත්රිරෝද රථයක පිටුපස පොහොර උරයක දමා තිබ බිළිදු මළ සිරුරක් හමු වී ඇති බව ආගරපතන පොලිසිය පවසයි.
හෙන්ෆොල්ඩ් වතුයායේ ඩි.එල් කොටසේ වතු නිවාස පේලියක් අසල ගාල් කර තිබු ත්රිරෝද රථයකින් දැඩි දුගන්ධයක් හමන බවට එම ත්රිරෝද රථයේ රියදුරාගේ මව ඒ පිලිබදව සොයා බැලිමේදි ත්රිරෝද රථයේ පිටුපස තිබි මෙම බිළිදු මල සිරුර සොයාගෙන ඇත.
ත්රිරෝද රථයේ රියදුරා එම වතුයායේම පදිංචිකරුවෙකු බවත්, ඔහු ත්රිරෝද රථයෙන් කුලි රථ ගමනක් ගොස් ආපසු අද (10) උදෑසන නිවසට පැමිණ ත්රිරෝද රථය ගාල් කර ඇති බව දැනට කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.
බිළිදු මල සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මහෙස්ත්රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරි විමර්ශණ කටයුතු සිදු කරන බව ආගරපතන පොලිසියේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.