Home » AIA ඉන්ෂුවරන්ස් නව කාර්යාලයක් මාලබේට

AIA ඉන්ෂුවරන්ස් නව කාර්යාලයක් මාලබේට

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය බෙදාහැරීම් ජාලය ව්‍යාප්ත කරලීමේ ප්‍රයත්නයෙහි තවත් පියවරක් ඉදිරියට තබමින්, නොබෝදා මාලබේ නගරයේ දී නවතම AlA සංවර්ධන කාර්යාලයක් විවෘත කරන ලදි. නවීනතම තාක්ෂණය ඇතුළත් සියලු පහසුකම් සහිතව නිමවා ඇති මෙම කාර්යාලය අංක 463/1, අතුරුගිරිය පාර, මාලබේ දරන ස්ථානයේ පිහිටා ඇත. මෙම කාර්යාලය ඔස්සේ එක් එක් සේවාලාභියාට සරිලන පරිදි නිර්මාණය කර දෙනු ලබන රක්ෂණ විසඳුම් සමඟින් ගනුදෙනුකරුවන්ට වඩාත් සුවිශේෂී සේවාවක් අත්විඳීමේ අවස්ථාව උදා කර දී ඇත. ඒ ඔස්සේ, මාලබේ නගරයේ සහ ඒ අවට පාරිභෝගික ජනතාවට ජීවිත රක්ෂණ, සෞඛ්‍ය රක්ෂණ, විශ්‍රාම සැලසුම් සහ ආයෝජන යන පුළුල් පරාසයක් සහිත රක්ෂණ විසඳුම් රැසක් ලබා දීමට එම කාර්යාලයේ ප්‍රවීණ රක්ෂණ වෘත්තිකයින් වඩාත් කැපවීමෙන් යුතුව සහාය වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division